Home අද අභියෝගයට දින 03 යි – හිටපු කෘෂිකර්ම ඇමති අනුරගෙන් තවම පිළිතුරක් නැහැ

අභියෝගයට දින 03 යි – හිටපු කෘෂිකර්ම ඇමති අනුරගෙන් තවම පිළිතුරක් නැහැ

994
0

ජාතික ජන බලවේගයේ ආර්ථික ප්‍රතිපත්තිය පිළිබඳව තමා ඇසු ප්‍රශ්නයට දින තුනක් ගතවී තිබුණද හිටපු කෘෂිකර්ම ඇමති අනුර කුමාර දිසානායක මහතා මෙතෙක් ඒ සඳහා පිළිතුරු ලබාදී නොමැති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද(13දා) පුත්තලමේදී ප්‍රකාශ කළේය.

තමා සමඟ විවාදයකට පැමිණෙන ලෙස අනුර කුමාර මහතා අභියෝග කළද මෙතෙක් ඒ සම්බන්ධයෙන් පිළිතුරු ලබාදී නොමැති බවත් මෙලෙස ස්ථීර ප්‍රතිපත්තියක් නොමැතිව රටේ ආර්ථිකය යළි කඩා වැටීමට ලක් කළ නොහැකි බවත් ජනාධිපතිවරයා කීවේය.

“විදේශ විනිමය සංචිත ශක්තිමත් වෙලා තියෙන නිසා වාහන ආනයනය කරන්න අවසර දෙන්න අපි තීරණය කලා. ඒවගේම ආදායම් බදු අඩු කරන්නත් තීරණය කළා.

හිටපු කෘෂිකර්ම ඇමති අනුර කුමාර මට විවාදයකට කතා කළා. මම ඒකට එකඟ වුණා. ඊට කලින් මම එක දෙයක් ඇහුවා. ඔවුන් තීරණය කරලා තියෙන්නේ ආනයන ආර්ථිකයක්ද අපනයන ආර්ථිකයක්ද කියලා තීරණයක් අරගෙන කියන්න කියලා කිව්වා. දැන් දවස් තුනක් ගිහින් කිසිම පණිඩුඩයක් නැහැ. ආපහු අපි ආර්ථිකය කඩා වැටෙන්න දෙනවද? නොදැන මේ මිනිස්සුන්ට අවස්ථාවක් දීලා ඔබේ අනාගතය අභියෝගයට ලක්කරගන්නවාද? ඒ ගැන හිතන්න. අපි ඉන්නේ අලුත් ආර්ථිකයකට යන්න.” යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Previous articleරට සම්පූර්ණයෙන්ම අර්බුදයෙන් මිදිලා නැහැ – අමාරුවෙන් ලබාගත් ජයග්‍රහණ රැක ගැනීම වැදගත් – IMF
Next article21 තියෙන්නේ ඡන්දයක් නෙවෙයි යුද්දයක් – රාජිත

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here