Home අද මට අවශ්‍ය නැහැ වෙනසක් – මට අවශ්‍ය පෙරළියක් – ජනපති

මට අවශ්‍ය නැහැ වෙනසක් – මට අවශ්‍ය පෙරළියක් – ජනපති

512
0

අසීරු අවස්ථාවේදී රට භාරගැනීම ප්‍රතික්ෂේප කළ අය, ඉටු කළ නොහැකි පොරොන්දු ජනතාවට ලබාදෙමින් සිටින බව ස්වාධීන ජනාධිපති ධුර අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ, කොළඹ පැවැති “පුළුවන් පෙරළිය” වැඩසටහන අමතමිනි.

May be an image of 2 people, dais and text

එළැඹෙන ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාගේ ජය තහවුරු කිරීම සඳහා සංවිධානය කෙරුණු ‘පුළුවන් පෙරළිය’ වැඩසටහන ඊයේ (12) කොළඹදී පැවැත්වුණි.

May be an image of one or more people and crowd

 

May be an image of 2 people, crowd and dais

එහිදී අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ,

May be an image of 4 people and people smiling

May be an image of 2 people, dais and text

“මේ මැතිවරණය ඔබේ අනාගතය පිළිබඳ කාරණාවක්. මගේ නොවෙයි.”

“අපේ සිස්ටම් එක කඩා වැටිලා… රජය භාරගන්න කවුරුත් හිටියේ නැහැ. මොකක්ද ඒකෙන් තේරුම් යන්නේ ?.. නායකයින්ට ඔබේ අනාගතය ගැන වගකීමක් භාරගන්න පැවැති නොහැකියාව. සජිත් ප්‍රේමදාස මහත්තයා ඔහු ලබාදෙන දේ දිනපතා වෙනස් කරනවා. මෙච්චර කල් ඔහු නිකං දෙන්න පොරොන්දු වුණේ නැත්තේ හිසරදය විතරයි. ළගදීම ඔහු එයත් පිරිනමයි. ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශය… ඔවුන් දන්නේ නැහැ.”

“කොහොමද ඔබ ඔවුන්ට ඡන්දය දෙන්නේ ?. ඔබලා කීදෙනෙක් ඔවුන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශය කියවලා තියෙනවද ? ඒකේ පිටු 232කම ඔබ කියෙව්වද ? මමත් සම්පූර්ණ රාත්‍රීයක් ගත කළා ඒක කියවන්න. මට අවශ්‍ය නැහැ වෙනසක්. මට අවශ්‍ය ඔබලා මෙහි කිව්වා වගේ පෙරළියක්. මගේ මුහුණ වෙනස් කරලා හිටපු කෘෂිකර්ම අමාත්‍ය අනුර කුමාර දිසානායකගේ මුහුණ ඊට ඇතුළත් කරනවා. එයයි ඔවුන් කියන්නේ.”

Previous articleවැරදි කරලා හොයපු සල්ලි – ලෝකේ කොතැනක තිබුණත් ලංකාවට ගේන්න අලුත් නීතියක්
Next articlePAYE ටැක්ස් අඩුකිරීමට තීරණය කරයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here