Home අද මහින්දගේ පෝස්ටර් ටික ගැහැව්වේ අපි – බැසිල් තාම සල්ලි දුන්නේ නෑ –...

මහින්දගේ පෝස්ටර් ටික ගැහැව්වේ අපි – බැසිල් තාම සල්ලි දුන්නේ නෑ – අනුර

787
0

මහින්ද රාජපක්ෂගේ ජනාධිපතිවරණය වෙනුවෙන් රට පුරා පොස්ටර් අලවපු කටයුත්තට මෙතෙක් ගෙවීම් සිදු කර නොමැති බව ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක පවසනවා.

ඔහු කියා සිටියේ ඊයේ (09) තඹුත්තේගම පැවැති ජනරැළිය අමතමින්.

එහිදී ඔහු කියා සිටියේ 2005 වසරේ මහින්ද රාජපක්ෂට අවසන් පොස්ටර් ඇලවීමට මුදල් නොමැතිව තිබියදී තම පක්ෂය විසින් අදාළ කටයුත්ත සිදු කර දුන් බවය.

ඒ සඳහා බැසිල් රාජපක්ෂ විසින් අප වෙත ගෙවිය යුතු මුදල මෙතෙක් ලබා නොදුන් බව කියා සිටි අනුර කුමාර දිසානායක ලොව පුරා නිවාස මිලදී ගැනීමටත්, රට පුරා ඉඩම් මිලදී ගැනීමටත්, කොළඹ මන්දිර ඉදිකරන්නටත් මහා පරිමාණයෙන් ධනය රැස්කරගෙන සිටින්නේ කෙසේදැයි ප්‍රශ්න කර සිටියා.

එමෙන්ම පාර්ලිමේන්තුවේ සිටින ඇතැම් මන්ත්‍රීවරුන් කොමිස් මුදල් ලබා ගනිමින් කටයුතු කරන බව ද ඔහු වැඩිදුරටත් කියා සිටියා.

“අපි බලයට ආවට පස්සේ අපේ සියලු වරප්‍රසාද අත්හැරීමට සූදානම්, දේශපාලනඥයන් නඩත්තු කිරීමට මහජන මුදල් වැය නොකළ යුතුයි. මහජන මුදල් වියදම් කරලා දේශපාලනඥයන්ගේ වාහන බලපත්‍ර, නිවාස, විදුලිය, ජල බිල්පත් ගෙවන්නේ නැහැ. ආරක්‍ෂාව බුද්ධි අංශ වාර්තා මත දේශපාලඥයින්ට තර්ජන එල්ල වන්නේ නම් පමණක් ලබා දිය යුතු බවද ඔහු පැවසීය.

Previous articleඑක ඡන්දයක් තියෙන කෙනෙක් ආවත් සජිත් ෆොටෝ එකක් දානවා – අනුර
Next article එක පැයක් මගහරින්නේ නෑ,ක්ෂණිකව අපි දිවුරුම් දීලා,පාර්ලිමේන්තුව විසුරවනවා”- අනුර කුමාර

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here