Home අද විවාදෙ කරමු – වේදිකාවට ඇවිත් පිළිතුරක් දෙන්න – ජනපති අනුරට කියයි

විවාදෙ කරමු – වේදිකාවට ඇවිත් පිළිතුරක් දෙන්න – ජනපති අනුරට කියයි

864
0

ජාතික ජන බලවේගයේ ආර්ථික ප්‍රතිපත්තිය පිළිබඳ තමා යොමුකළ ප්‍රශ්නයට වේදිකාවට පැමිණ පිළිතුරු ලබාදෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා  ප්‍රකාශ කළේය.

අනුර කුමාර දිසානායන මහතා විසින්  විවාදයකට පැමිණෙන ලෙස කළ ආරාධනාව පිළිබඳව #AskRanil Youth Q&A වැඩසටහනට සහභාගීවෙමින් ජනාධිපතිවරයා මේබව කීවේය.

සමාජ මාධ්‍ය ඔස්සේ  සජීවීව ජනාධිපතිවරයා තරුණ තරුණියින් ඇමතූ අතර  මුළු දිවයිනය ආවරණය වන ලෙස ඔවුන්ට ප්‍රශ්න යොමුකිරීමට අවස්ථාව ලබාදී තිබුණි.  දිවයින පුරා විවිධ ප්‍රදේශවලින් තරුණ තරුණියන් යොමුකළ ප්‍රශ්න සඳහා ජනාධිපතිවරයා මෙහිදී පිළිතුරු ලබාදුන්නේය. එහිදී අනුර කුමාර දිසානායක මහතා විවිදයක් සම්බන්ධයෙන් කළ ආරාධනාව පිළිබඳව තරුණයෙකු විසින් යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ජනාධිපතිවරයා වැඩිදුරටත් මෙසේ කීවේය,

 

“හරි ඉතිම්. මම අහපු ප්‍රශ්නයට වේදිකාවට ඇවිත් පිළිතුරක් දෙන්න තියෙන්නේ.

මම ඇහුවේ ඔබ කණ්ඩායමේ ප්‍රතිපත්තිය අපනයන ආර්ථිකයක්ද ආනයන ආර්ථිකයක්ද කියලා. එතුමා කිව්වා අපනයන ආර්ථිකයකට කැමතියි කියලා. නමුත් නිදහස් වෙළඳ ගිවිසුම් අහෝසි කරනවා කියලා ඔවුන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ  තියෙනවා. නිදහස් වෙළඳ ගිවිසුම් අහෝසි කරලා අපනයන ආර්ථිකයක් ඇති කරන්න බැහැනේ.

ඒවගේම ආර්ථික පරිවර්තන කෙටුම්පත ගෙනාවට පස්සේ සුනිල් හදුන්නෙත්ති උසාවියට ගියා. රටේ අපනයන සමාගම් ඇති කරන එක ව්‍යවස්ථාවට විරුද්ධයි කියලා තමයි උසාවියට ගියේ.

ඒකයි මම ඇහුවේ මේකේ හරි දේ කියන්න කියලා. එක්කෙනෙක් කෑගල්ලට යන්න ඔනේ කියද්දි අනිත් කෙනා කියනවා ගාල්ලට යන්න කියලා. දෙකෙන් එකක් කියන්න අවශ්‍යයි. විවිද කරලා මම අහන්නේ රටට දැනගන්න.එතුමා ඒකට පිළිතුරු ලබාදිය යුතුයි. එච්චරයි තිබෙන්නේ.” යැයි සඳහන් කළේය

සම්පුර්ණ වැඩසටහන මෙතැනින් සම්බන්ධ වන්න

Previous articleමිල්කෝ කිරිපිටි මිල පහළට
Next articleඑක ඡන්දයක් තියෙන කෙනෙක් ආවත් සජිත් ෆොටෝ එකක් දානවා – අනුර

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here