ප්‍රතිපක්ති ගරුක දේශපාලනයක් රට තුළ නිර්මාණය කරන්නේ ජාතික ජන බලවේගය බව එම පක්ෂයේ ජනාධිපතිධූර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසයි.
නොච්චියාගම පැවැති ජන රැලියකදී ඔහු මේ බව සඳහන් කළේ ය.
ජනාධිපතිවරණය ඉලක්ක කර ජාතික ජන බලවේගය පවත්වන ජනරැලි මාලාවේ තවත් රැලියක් එහි ජනාධිපතිධූර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් නොච්චියාගම දී ඊයේ (09) පස්වරුවේ පැවැත්වුණි.
“ජාතික ජන බලවේගය ආණ්ඩුවක් ගන්නේ මේ රටේ ආණ්ඩු කරපු නරක දේවල් ඔක්කොම නතර කරන්න. මේ ආණ්ඩු කියන්නේ රටේ සම්පත් හොරකම් කර ගන්න එකතු වෙන රංචු, කල්ලි. දැන් බලන්නකෝ සජිත් ප්‍රේමදාස එක ඡන්දයක් තියෙන කෙනෙක් ආවත් ෆොටෝ එකක් දානවා. දැන් තමුන් වහන්සේලා දන්නවා මේ රට විශාල කඩා වැටීමකට පොහොට්ටුව හේතු වුණා. දැන් පොහොට්ටුවේ කට්ටිය කොහෙද ඉන්නේ? සජිත් ගාව. ඇත්තට නේද, කොයි පැත්තෙන් කතා කළත්, හිතන්න ටිකක්. මොන මජර කැත කුණු දේශපාලනයක් ද මේක. අද අපේ රටේ ප්‍රතිපක්ති ගරුක දේශපාලනයක් ඕන. ඒක හදන්නේ ජාතික ජනබලවේගය විතරයි. මතක තබාගන්න.”