Home අද අනුරට පිළිතුරු දෙන්නම වෙන ප්‍රශ්නයක් ජනපති ඉදිරිපත් කරයි

අනුරට පිළිතුරු දෙන්නම වෙන ප්‍රශ්නයක් ජනපති ඉදිරිපත් කරයි

1235
0

ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පිළිතුරු ලබාදියදා යුතුම ප්‍රශ්නයක් “පුළුවන් ශ්‍රී ලංකා”   වැලිමඩ ජනහමුවේදී අද(08දා) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යොමුකළේය. ඒ සඳහා පිළිතුරු ලබාදෙන තුරු එම ප්‍රශ්න අනුර කුමාරට ඉදිරිපත් කරන බවද ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.

ජනාධිපති අපේක්ෂකයින් ලෙස ඉදිරිපත්ව සිටින අනුර කුමාර දිසානායක මෙන්ම සජිත් ප්‍රේමදාසගේද ප්‍රතිපත්ති ප්‍රකාශ පරස්පර බවත් මේවාගේ පරස්පරතා පිළිබඳ ජනාධිපතිවරයා මෙහිදී ප්‍රශ්න කළේය.

“සජිත්ගේ ප්‍රශ්නයක් තියෙනවා. එයාට ප්‍රතිපත්ති ප්‍රකාශන දෙකක් තියෙනවා. අනුරගෙ වැඩසටහන ගැනත් බැලුවා. මම බලාපොරොත්තු වෙන්නේ අපනයන ආර්ථිකයක් ඇති කරන්න. අනුර කැලණියේදී කිව්වා අපනයන ආර්ථිකයක් ඇති කරන්න අනුරත් කැමතියි කියලා. මම ඒකට කැමති වුණා. හැබැයි එතුමගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තිබ්බා නිදහස් වෙළඳ ගිවිසුම් අහෝසි කරනවා කියලා. නිදහස් වෙළද ගිවිසුම් නැතිව අපනයනය කරන්න බැහැනේ. අපනයන කර්මාන්ත ඇතිකරනඑක ව්‍යවස්ථාවට විරුද්ධයි කියලා සුනිල් හදුන්නෙත්ති ආර්ථික පරිවර්තන කෙටුම්පතට නඩු දැම්මා. මේක හරි ප්‍රශ්නයක් මේකට පිළිතුරු දෙන්න කියලා කිව්වා. එතකොට අනුර අසනීප වෙලා ඉන්නවා කියලා කියනවා මම දැක්කා. මේවට පිළිතුරු දෙන්න අනුර සුවවේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. හැබැයි මේ කතාවට පිළිතුරු නොදුන්නට මම යාපනයේ කරපු කතාවට පිළිතුරු දීලා තිබ්බා. අනුර එකක් කියනවා හදුන්නෙත්ති තව එකක් කියනවා . මේක පැහැදිලිකරලා දෙන්න මේ රටේ මිනිස්සුන්ට එක දැනගන්න අවශ්‍යයි.

අනුර කුමාර මන්ත්‍රීතුමා කියලා තියෙනවා දූෂණය නැතිකරනවා. දුෂණ විරෝධීපනත ක්‍රියාත්මක කරනවා කියලා. දුෂණ විරෝධී පනත විතරක් මදි. ඒ සඳහා ගත යුතු පියවර සියල්ලම මම ඉදිරිපත් කරලා තියෙනවා. දුෂණ විරෝධී පනත ගෙනාවෙත් අපි. අපරාධයකින් අත්පත්කරගන්නා දේපළ පනත් කෙටුම්පත ඉදිරිපත් කරලා තියෙනවා. ඒකට එතුමා සහයෝගය දෙනවාද කියලා කියන්න අවශ්‍යයි. විගණකාධිපතිවරයාගේ බලතල වැඩිකරන්න අවශ්‍යයි. අල්ලස් කොමිසමේ බලය වැඩි කරන්න අවශ්‍යයි. මේවට සහයෝගය දෙනවද කියලා මම අනුරගෙන් අහන්න කැමතියි. ඒවගේම එක පනතක් ඉදිරිපත් කරලා දුෂණය නැති කරන්නේ කොහොමද කියලත් මම අනුරගෙන් අහන්න කැමතියි. අනුර මේකට පිළිතුරු දෙනකම් මම දිගටම මේක අහනවා. ඡන්දෙ කියන්නේ විවාදයක්. මම මේ වේදිකාවේ කියන දේවල් වලය එතුමා පිළිතුරු දිය යුතුයි. ඉක්මණින් සුවවෙලා ඇවිත් මේවට පිළිතුරු දෙන්න කියලා මම එතුමට කියනවා.” යැයි පැවසීය.

Previous articleතලතා අතුකෝරලගේ සහාය දිනන ජනපති රනිල්ට
Next articleඔලුවෙ තියාගෙන හිටපු ලොකු බරක් බිමින් තිබ්බා – තලතා

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here