Home අද සජිතුයි අනුරයි මට ස්තූතිකරලා කතාව පටන්ගත යුතුයි – ජනපති

සජිතුයි අනුරයි මට ස්තූතිකරලා කතාව පටන්ගත යුතුයි – ජනපති

954
0

ජනාධිපතිවරණ ප්‍රචාරක රැළි පැවැත්වීමට හැකි පරිදි රට ස්ථාවර කර දුන් බැවින් සජිත් ප්‍රේමදාස සහ අනුර කුමාර දිසානායක ජනහමු ඇමතීමේදී මුලින්ම තමාට ස්තූති කර කතාවන් ආරම්භකළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

අද(07දා) වඩ්ඩුක්කෝඩෙයි ප්‍රදේශයේ පැවති“පුළුවන් ශ්‍රී ලංකා ජනහමුවට එක්වෙමින් ජනාධිපතිවරයා මේබව ප්‍රකාශ කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපතිවරයා මෙසේද කීවේය,

“මම ජනාධිපතිකම භාරගත්තේ රට ස්ථාවර කරලා මේ අවුරුද්ද අවසානයේ ඡන්දය පවත්වන්න අවශ්‍ය වටපිටාව හදන්න.දැන් මම රට ස්ථාවර කරලා තියෙනවා. ඒ නිසා ඔබෙන් ඡන්දය ඉල්ලන්න මට ඉදිරිපත්වෙන්න පුළුවන්. රටේ ස්ථාවරභාවය ආරක්ෂාකරලා ආර්ථිකය හදාගෙන යනවා. මේ වැඩපිළිවෙල ඉදිරියට ගෙනියන්නයි මට තියෙන්නේ. නමුත් මීට වසර දෙකකට පෙර සජිත් අනුර දෙන්නම් මේ රට ගොඩනගන්න ඉදිරිපත් වුනේ නැහැ. දෙන්නම පැනලා ගියා . ඒ විදිහට මඟහැරලා හිටියානම් මේ ඡන්දෙ තියන්න පුළුවන්ද ?. සජිතුයි අනුරයි මට ස්තූති කරන්න ඔනේ එයාලගේ කතා පටන්ගන්න ඉස්සරලා. මම භාරගත්තු මේ අවුරුදු දෙක පහසු කාලයක් නෙවෙයි. තාමත් අපිට අමාරුයි. ප්‍රශ්න තියෙනවා. ඒත් ඒ එක්කම අනාගතය ගැන හොද බලාපොරොත්තුවක් තියෙනවා. ඒ බලාපොරොත්තුව ආරක්ෂාකරන්නයි මම මේ සැරේ ඡන්දෙට ඉදිරිපත්වෙන්නේ.

ඒවගේම අනුර කුමාර උතුරේ ජනතාවට ඇවිත් තර්ජනය කළා ඡන්දේ දෙන්න කියලා. ඒ විදිහට තර්ජනය කරන්න බැහැ. අනුරට මම කියනවා දමිල ජනතාවගෙන් සමාව ඉල්ලන්න කියලා. ඒ වගේම දකුණේ ජනතාවත් අපහසුතාවය පත්කළ නිසා ඔවුන්ගෙනුත් සමාව ඉල්ලන්න කියලා මම කියන්න කැමතියි “යැයි පැවසීය.

Previous articleජනපති උතුරේ මෙහෙයුමක – දමිළ පක්ෂ සහ කණ්ඩායම් රැසක සහාය ජනපතිට
Next articleඅනුරගේ සෞඛ්‍ය තත්වය අයහපත්, ඔහුව විවේක ගැන්වීමට අපි තීරණය කලා – ටිල්වින් නිවේදනය කරයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here