Home අද අනුරගේ සෞඛ්‍ය තත්වය අයහපත්, ඔහුව විවේක ගැන්වීමට අපි තීරණය කලා – ටිල්වින්...

අනුරගේ සෞඛ්‍ය තත්වය අයහපත්, ඔහුව විවේක ගැන්වීමට අපි තීරණය කලා – ටිල්වින් නිවේදනය කරයි

1683
0

තෙහෙට්ටුව නිසා උණ වැළඳීමෙන් පසු ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායකට විවේක ගන්නා ලෙස වෛද්‍යවරුන් උපදෙස් දී ඇති බව ටිල්වින් සිල්වා මහතා පවසනවා.

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා මාතර දෙයියන්දර ප්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමින් කියා සිටියේ දිසානායක මහතා අසනීප වී ඇති හෙයින් දෙයියන්දර රැලියට සහභාගී වීමට නොහැකි වූ බවයි.

පහුගිය දිනවලදී නිදි මරමින් මහන්සි වූ නිසා අනුර දිසානායක මහතාට අසනීප බවත් උණ වැළඳී අද උදෑසනඑය වැඩි වී ඇති බවත් ඒ මහතා මෙහිදී කියා සිටියා.

ඒ හේතුවෙන් ඒ මහතාගේ වෛද්‍යවරු උපදෙස් දී ඇති පරිදි අවම වශයෙන් දිනයක් විවේක ගැන්වීමට ඔවුන් තීරණය කර ඇති බව ටිල්වින් සිල්වා මහතා කියා සිටියා.

අනුර දිසානායක මහතා අද පෙරවරුවේ කොළඹදී පැවති ජාතික ජන බලවේගයේ නීතීඥ සමුළුවට සහ ක්‍රීඩා සමුළුවට සහභාගී විය.

Previous articleසජිතුයි අනුරයි මට ස්තූතිකරලා කතාව පටන්ගත යුතුයි – ජනපති
Next articleතලතා අතුකෝරලගේ සහාය දිනන ජනපති රනිල්ට

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here