Home අද පුතානෝලා දෙන්නා එකතුවෙලා අශුද්ධ සන්ධානයක් ගහලා -මනුෂ

පුතානෝලා දෙන්නා එකතුවෙලා අශුද්ධ සන්ධානයක් ගහලා -මනුෂ

672
0

සමගි ජනබල වේගයේ සජිත් ප්‍රේමදාස සහ පොදුජන පෙරමුණේ නාමල් රාපක්ෂ දෙදෙනා එකතුව රට වැට්ටීමට අශුද්ධ සන්ධානයක් රහසේම ඇතිකරගෙන බවත් කුප්‍රකට මාධ්‍ය නාළිකාවක් ඒ වෙනුවෙන් සහය ලබාදෙන බවත් හිටපු කම්කරු අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා අද(06දා) දෙණියායේදී හෙළිකළේය.

රට බේරාගැනීමට මේ තරම් උනන්දුවක් ඇතිනම් මීට වසර දෙකකට පෙර රට භාරගන්න කියු අවස්ථාවේදී භාරගන්න තිබු බවද මනුෂ නානායක්කාර මහතා පැවසුයේ “පුළුවන් ශ්‍රී ලංකා රැළියට” එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු මනුෂ නානායක්කාර මහතා,

“තමන්ගේ ගෙළ තමන් සිරකරගෙන මැරෙන්න කැමතිද . නැහැ. හැබැයි 21 දා වැරදි තීන්දුවක් ගත්තොත් සියදිවි හානිකරගන්නේ තමන් විසින්මයි. ආපහු පෝලිම් ඇතිවෙයි. කන්න දේවල් නැතිවෙයි.  අපිට කරගන්න දෙයක් නැතිවෙයි.  ඉස්සර ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට බැනපු ජාතික ජන බලවේගය දැන් කියනවා ජාත්‍යන්තර මුල්‍ය අරමුදල කියන විදිහට ඉන්නම් කියලා. අනුර කුමාරලගේ බොරුව දැන් පැහැදිලි වෙලා තියෙනවා. හොරු අල්ලනවා කියපු වසන්ත සමරසිංහව අත්අඩංගුවට අරගෙන අධිකරණයට ඉදිරිපත් කරන්න කියලා නියෝගකරලා අද සජිත් ප්‍රේමදාසයි නාමල් රාජපක්ෂයි පුතානෝලා දෙන්නා එකතුවෙලා අශුද්ධ සන්ධානයක් ගහලා. රට රකින නායකයෙක් නම් එදා සජිත්ට රට භාරගන්න තිබ්බා. නාමල්ට දැන් කතාකරන්නේ නැතිව.

රට ගොඩනග හැමවෙලාවකට රට වට්ටන කොන්ත්‍රාත්තුව ජනතා විමුක්ති පෙරමුණ භාරගත්තා. බොරු රැළි මවලා තියෙන්නේ කැට හොල්ලන සල්ලි වලින් නෙවෙයි. පිටරට සල්ලි වලට රට වට්ටන කොන්ත්‍රාන්තුව ජනතා විමුක්ති පෙරමුණ භාරඅරගෙන ඉවරයි.  ඒ නිසා එක්සත් ජාතික පක්ෂයේ ඉන්න එක්සත් ජාතික පක්ෂයේ සියලු දෙනාට මම කියනවා රට කරන්න හොදයටම පුළුවන් නායකයාව තෝරාගන්න කියලා මම කියනවා. රට ගොඩගත්තු මේ රටේ මිනිස්සුන්ගේ ජීවිත ආරක්ෂා කරපු රනිල් වික්‍රමසිංහ මහත්මයා සමඟ එකතු වෙන්න කියලා මම ආරාධනා කරනවා.” යැයි සඳහන් කළේය.

Previous articleනිහඩවෙලා හිටපු ‌බොහෝ අය මේ සති දෙකේ ජනපති වෙනුවෙන්  ඉදිරියට එයි  – කංචන
Next article“රනිල් සමඟ රට දිනවන වසර පහක්” පුළුවන් ශ්‍රී ලංකා ප්‍රතිපත්ති ප්‍රකාශය අනුරාධපුර සර්ව ආගමික නායකයින් වෙත පිළිගන්වයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here