Home අද සජිත්ගේ ඉංග්‍රීසි දැනුම කොච්චරද කියනවානම් විලියම් ෂේක්ස්පියර් පවා ටියුෂන් ඇවිත් තියෙනවා

සජිත්ගේ ඉංග්‍රීසි දැනුම කොච්චරද කියනවානම් විලියම් ෂේක්ස්පියර් පවා ටියුෂන් ඇවිත් තියෙනවා

730
0

සජිත් ප්‍රේමදාස මහතාගේ ඉංග්‍රිසි දැනුම පිළිබඳ කිසිදු වාදයක් නොමැති බවත් මහා කවියෙකු වන විලියම් ෂේක්ස්පියර් පවා කවි ලිවීමට පෙර සජිත් ප්‍රේමදාස මහතාගෙන් ටියුෂ ලබාගෙන ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ(05දා) මතුගමදී ප්‍රකාශ කළේය.

“සජිත් ප්‍රේමදාස මහත්තයට හොදට ඉංග්‍රිසි කතාකරන්න පුළුවන් කියලා එයාලගේ අය කියනවා. මම ඒගැන වාද විවාද කරන්න යන්නේ නැහැ. මොකද එතුමගේ ටියුෂන් පංතිවලට විලියම් ෂේක්ස්පියර් කියන කවියා ආවා කියලා දන්නවද. වැනිසියේ වෙළෙන්දා ලියන්න කලින් එතුමා ඒ පංතියට ආවේ. අපි ඒගැන වාද කරන්න යන්නේ නැහැ. ඒනිසා මම ටීම් එකක් ගැන කියන්නේ නැහැ. මාව හොදනම් අරගන්න එච්චරයි කියන්නේ. පාර්ලිමේන්තුවට තේරීලා එන අයගෙන් තමයි ටීම් එක තෝරගන්න වෙන්නේ. ඒක මට අවශ්‍ය විදිහට කරන්න බැහැ. ඒ නිසා මොන පක්ෂයේ උනත් හොද මිනිස්සු පාර්ලිමේන්තුවට දාන්න. මේ සැරේ මම ජනාධිපතිවුණාම පාර්ලිමේන්තුවේ හිටපු ටීම් එක මම ගත්තා. මම තෝරන්න ගියේ නැහැ. ඔනෙම ටීම් එකක් දෙන්න මම වැඩකරලා පෙන්නන්නම්. නායකයා කියන්නේ එහෙම කෙනෙක්.” යැයි  ජනාධිපතිවරයා පැවසීය.

Previous articleකොළඹ වරාය නගරයේ – “The Mall” තීරු බදු රහිත සාප්පු සංකීර්ණය විවෘත කෙරේ
Next articleරාජපක්ෂ වහල් කල්ලිය සම්පූර්ණයෙන්ම ආණ්ඩුවෙන් ඉවතට.!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here