Home අද නිහඩවෙලා හිටපු ‌බොහෝ අය මේ සති දෙකේ ජනපති වෙනුවෙන්  ඉදිරියට එයි  –...

නිහඩවෙලා හිටපු ‌බොහෝ අය මේ සති දෙකේ ජනපති වෙනුවෙන්  ඉදිරියට එයි  – කංචන

628
0

මෙතෙක් නිහඩව ගෙවල් වල හිටපු ‌බොහෝ අය මෙම සති දෙක තුළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත්මා වෙනුවෙන්  ඉදිරියට එනු ඇතැයි තමා විශ්වාසකරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා අද(06දා) දෙනියායේදී පැවසීය.

පුළුවන් ශ්‍රී ලංකා ජනහමුවට සහභාගී වෙමින් අමාත්‍යවරයා මේබව ප්‍රකාශ කළ අතර මෙසේද පැවසීය,

මීට සති කිහිපයකට පෙර බොහෝදෙනෙක් කිව්වා තැපැල් ඡන්දයේදි රනිල් වික්‍රමසිංහ මහත්මයාට ඡන්දය නැති වෙයි කියලා. පසුගිය දින දෙකේ තැපැල් ඡන්දය තිබ්බා. අපිට ලැබෙන ආරංචි අනුව තැපැල් ඡන්දයේ දී රාජ්‍ය නිලධාරීන් අති බහුතරයක් ඡන්දය පාවිච්චි කරලා තියෙන්නේ රනිල් වික්‍රමසිංහ මහත්මයාට.

නිහඩවෙලා ගෙවල් වල හිටපු ‌බොහෝ අය ඉදිරියට එයි. සමහරු අපිට අභියෝග කළා පුළුවන්නම් මාතර දෙනියායේ රැස්වීම් තියන්න කියලා . අපි අති දැවැන්ත රැස්වීම් කළා.   අපි සියලුදෙනා එකතුවෙන්නේ එක අරමුණකට. මේ රටේ ආර්ථික අර්බුධය ඇතිවෙන වෙලාවේ ආණ්ඩුවේ ඇමතිවරු ඉවත්වෙලා ගියා. සමහරු දේශපාලනයෙන් අයින්වෙලා ගියා. සමහර අය කිව්වා මේ රට හදන්න බැහැ කියලා. සමහර අය කිව්වා ඩොලරය 700 වඩා යනඑක වළක්වන්න බැහැ කියලා. මෙහෙම තියද්දි රට භාරගන්න කියපු කවුරුත් රට භාරගත්තේ නැහැ. තනි පුද්ගයෙක් එදා රට භාරගත්තේ. ඒ රනිල් වික්‍රමසිංහ මැතිතුමා. ජනප්‍රිය නොවන තීන්දු තීරණ අරගෙන අපේ රටටත් පුළුවන් කියන අභිමානය ඇති කළේ රනිල් වික්‍රමසිංහ මහත්මයා. අභියෝග ලබාදෙද්දි භාරගත්තු නැති අය අනාගතයේ එහෙම කරයි කියලා අපිට හිතන්න පුළුවන්ද?.  ජනාධිපති අපේක්ෂකයෝ සිහින විකුණමින් ඉන්නවා. ජනතාව ඉස්සර සිහින මාළිගා අදිනවා. නමුත් මේ අය විශ්වාස කරන්න පුළුවන්ද ?. අත්හදා බැලීමක් නැහැ. පසුගිය අවුරුදු දෙකේ ගෙනගියපු වැඩ පිළිවෙල ඊලඟ අවුරුදු පහෙත් ගෙනගියොත් විතරයි රටට ඉදිරියක් තියෙන්නේ

Previous articleමම සුව කරපු ලෙඩාට බෙහෙත් කියලා කසිප්පු පොවන්න එපා
Next articleපුතානෝලා දෙන්නා එකතුවෙලා අශුද්ධ සන්ධානයක් ගහලා -මනුෂ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here