Home අද රට ගොඩගත් වික්‍රමසිංහ ක්‍රමවේදය ලෝකයේම පිළිගැනීමට ලක්වෙලා

රට ගොඩගත් වික්‍රමසිංහ ක්‍රමවේදය ලෝකයේම පිළිගැනීමට ලක්වෙලා

830
0

ශ්‍රී ලංකාව බංකොළොත්භාවයෙන් මිදීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අනුගමනය කළ ක්‍රමවේදය මේවනවිට ලෝක නායකයින්ගේ ඇගයීමට ලක්ව තිබෙන බවත් එසේ උවද ලංකාවේ බාල දේශපාලනය තුළ එය කිසිදු ඇගයීමකට ලක්කර නොමැති යැයිද පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කළේය.

මතුගම අද(05දා) “පුළුවන් ශ්‍රී ලංකා” ජනහමුවට එක්වෙමින් මන්ත්‍රීවරයා මේබව පැවසීය.

ආණ්ඩු මාරුකළහොත් බංකොළොත්භාවයෙන් මිදී ඉදිරියට යන ගමන යළිත් අඩාලවන බවත් එය රෑ වැටුණු වළේ දවල් වැටීමක් වනු ඇති බව ද හෙතෙම පෙන්වා දුන්නේය.

“ලෝක ඉතිහාසයේ කිසිම රටක් අවුරුදු දෙකක් තුළ බංකොළොත්භාවයෙන් මිදිලා  නැහැ. ඒ නිසා ලෝක ඉතිහාසයේ ගිනස් පොතේ ලංකාවෙ නමත් රනිල් වික්‍රමසිංහ මහත්මාගේ නමත් ලියවෙනවා. ඔහුතමයි කෙටිම කාලයකින් බංකොළොත් රටක් ආපහු ගොඩගත්තේ කියලා මතක තියාගන්න. ශ්‍රීසිය බංකොළොත්භාවයෙන් අවුරුදු 13 ක් වැටිලා හිටියා. මේක තිත්ත බෙහෙත් බොනවා වගේ වැඩක්. මේක වෙනස් කරන්න ගියොත් දිගින් දිගටම ආණ්ඩු මාරුකරකරන ඉන්න වෙයි . මේවා අපිට ඉගෙන ගන්න තියෙන පාඩම්. අද මුළු ලෝකයම මේ වැඩපිළිවෙල ප්‍රසංසාවට ලක්කරනවා.  ලංකාව ආර්ථික විශ්වකර්මයක් කරලා තියෙනවා කියලා ඇමරිකාවේ සෙනෙට් එකේ කතාකරලා තියෙනවා. මේක විශ්වකර්ම වැඩක් විදිහටයි ලෝක නායකයෝ ලංකාවේ මේ නායකයා දිහා බලන්නේ. නමුත් අපේ කාලකණ්නි මේවට මෙහෙ ඉදගෙන බණිනවා. ලංකාවේ දේශපාලනය තමයි ඒ. දියුණු රටක මේක උනානම් වෙන කවුරුත් ජනාධිපතිවරණයට ඉදිරිපත්වෙන්නේ නැහැ. රනිල් වික්‍රමසිංහ මහත්මයාට අවස්ථාව ‌දෙනවා. අපේ එහෙමද. 38 ක් ඉදිරිපත් වෙලා. මාස කිහිපයකට කලින් ඉතියෝපියාව බංකොලොත් උනා. එතකොට IMF එක කිව්වා ලංකාවේ ක්‍රියාමාර්ග අනුගමනය කරන්න කියලා. වික්‍රමසිංහ ක්‍රමය ලෝකයම පිළිගනිද්දි ලංකාවේ විරුද්ධවාදීන් කියනවා එක හොද නැහැ කියලා. අපේ රටේ දේශපාලනය ඔහොම තමයි. ඒ නිසා රෑ වැටුණු වළේ දවල් වැටෙන්න එපා කියලා මම සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටින්න කැමතියි.” යැයි පැවසීය.

Previous articleනායකයට ටීම් එක අදාළ නැහැ – ඔනෙම ටීම් එකක් දෙන්න මම වැඩකරලා පෙන්නන්නම්  
Next articleරාජ්‍ය අමාත්‍යවරු සිව්දෙනෙකු ඉවත්කෙරේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here