Home අද පොදුජන එක්සත් නිදහස් පෙරමුණ කුසලානය ලකුණනින් එයි

පොදුජන එක්සත් නිදහස් පෙරමුණ කුසලානය ලකුණනින් එයි

744
0

මෙවර ජනාධිපතිවරණයේදි රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කරන පක්ෂ සියල්ල එකතුව ගොඩනැගු “පොදුජන එක්සත් නිදහස් පෙරමුණ”  එළිදැක්වීමේ උත්සවය අද (05) පෙරවරුවේ බත්තරමුල්ල වෝටර් එජ් හෝටලයේදි පැවැත් වුණි. ඒ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙනි.

ඉන් අනතුරුව කුසලානය ලකුණනින් යුත් “පොදුජන එක්සත් නිදහස් පෙරමුණ” නමින් නව පෙරමුණ එළිදැක්වුණි.

එහි නායකත්වය අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් හොබවන අතර ලේකම් ලෙස අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පත් කර තිබේ.

මෙහිදී අදහස් දක්වමින් අග්‍රාමාත්‍ය දිනේශ් ගුණවර්ධන මහතා පැවසුයේ රටේ ස්ථාවරත්වය පවත්වාගෙන යාම සඳහා රනිල් වික්‍රමසිංහ මහතාට මෙවර ජනාධිපතිවරණයේදීි සහයෝගය ලබාදෙන බවයි.

එමෙස්ම සියලු දෙනා එකතුකරගනිමින් මෙම සන්ධානය ඉදිරියට පත්වාගෙන යන බවද අග්‍රාමාත්‍යවරයා පැවසීය. වැඩිදුරටත් අදහස් දැක්වු අග්‍රාමාත්‍යවරයා ,

“මේ රට ගමන් කළ යුතු ප්‍රගතිශීලී ගමනේ පොදුජනතාව සමග යා යුතු ගමනයි අපි අරගත්තේ. ඉතිහාසයේ මුහුණ නොදුන්න අර්බුධයකට අපි මුහුණ දීලා ඉන්නේ. ඒ නිසයි අපි සියලුදෙනා එකතු වෙලා මේ විදිහට සන්ධානයක් ගොඩනගා ගත්තේ. විනයකින් යුතුව රටක් මෙහෙයවීමේදී ඇති කළ හැකි ප්‍රගතිය බොහෝමයි.  විනයක් ඇති රටක් බවවට පත්තළ යුතුයි.  විනයකින් යුතු රටක් ඇතිකිරීම එකම අරමුණ ඇතිව මෙම සන්ධානය ක්‍රියාත්මක වෙනවා”

Previous articleමහනුවර සුපිරි හෝටලයක NPP ලාල්කාන්ත ගල්කොරි ව්‍යාපාරිකයන් එක්ක රැස්වීමක්
Next articleජනාධිපතිට පුළුවන් සියලුම විෂයන් තමන්ගේ යටතට ගැසට් කරගන්න – අනුර

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here