Home අද ජනාධිපතිට පුළුවන් සියලුම විෂයන් තමන්ගේ යටතට ගැසට් කරගන්න – අනුර

ජනාධිපතිට පුළුවන් සියලුම විෂයන් තමන්ගේ යටතට ගැසට් කරගන්න – අනුර

834
0

ජනාධිපතිවරණය ජයග්‍රහණය කළහොත් කැබිනට් මණ්ඩලයක් පත් නොකර සියලුම විෂයන් තමන්ගේ යටතට ගැසට් කරගැනීමට හැකියාව පවතින බව ජාතික ජන බලවේගයේ ජනාධිපතිධුර අපේක්ෂක අනුර දිසානායක පවසනවා.

ඊයේ (04) ජා ඇල පැවති ජාතික ජන බලවේගයේ රැළියක් අමතමින් ඒ මහතා මේ බව කියා සිටියා.

එහිදී අදහස් දැක්වූ අනුර කුමාර දිසානායක මහතා

කෝ 2020 ජනවාරම ඒක අහෝසි ඒ නිසා ජාතික ජන බලවේගයේ ආණ්ඩුව ආරම්භයේදීම මේ පාර්ලිමේන්තුව විසුරුවා හරිනවා. පාර්ලිමේන්තුව විසුරුවා හැරලා ඊළඟ පාර්ලිමේන්තුව පත්වෙන තෙක් කැබිනට් මණ්ඩලයට මොකද කරන්නේ කියලා. අපි ව්‍යවස්ථානුකූලව ඒ කෙටි කාලය අපි රට පාලනය කරනවා. අපි ජනාධිපතිතුමාට පස්සේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයක් හිස් වෙනවා තව කෙනෙකුට පාර්ලිමේන්තුවට එන්න පුළුවන් පාර්ලිමේන්තුවේ තුනයි මමයි හතරයි හදනවා හතර දෙනාගෙන් කැබිනට් මණ්ඩලයක්. එහෙම බැරි නම් ජනාධිපතිවරයාට පුළුවන් සියලුම විෂයන් තමන්ගේ යටතට ගැසට් කරගන්න. ව්‍යවස්ථාවට එකඟයි. භාරකාර ආණ්ඩුවක් ඕන්නං එහෙම එහෙකුත් පුළුවන්. ආකාර තුනක් තියෙනවා තියෙනවා ඒ නිසා අලුත් පාර්ලිමේන්තුවත් තෝරා පත් කර ගන්නා තෙක් ව්‍යවස්ථානුකූලව රට පාලනය කරනවා

Previous articleපොදුජන එක්සත් නිදහස් පෙරමුණ කුසලානය ලකුණනින් එයි
Next articleනායකයට ටීම් එක අදාළ නැහැ – ඔනෙම ටීම් එකක් දෙන්න මම වැඩකරලා පෙන්නන්නම්  

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here