Home අද නායකයට ටීම් එක අදාළ නැහැ – ඔනෙම ටීම් එකක් දෙන්න මම වැඩකරලා...

නායකයට ටීම් එක අදාළ නැහැ – ඔනෙම ටීම් එකක් දෙන්න මම වැඩකරලා පෙන්නන්නම්  

949
0

නායකයෙක් යනු ඔනෑම කණ්ඩයාමක් සමඟ වැඩ කළ හැකි පුද්ගලයෙක් බව  ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද(05දා) මතුගමදී පැවසීය. ජනාධිපතිවරණයේදී තෝරාපත්කරගන්නේ එක් පුද්ගලයෙක් බවත් ඔහුව තෝරාගැනීමට ඔහුගේ කණ්ඩායම කවුරුන්ද යන්න අදාළ නොවන බවද ජනාධිපතිවරයා කීවේය. එමෙන්ම තමාට ඔනෑම කණ්ඩායමක් සමඟ වැඩ කළ හැකි බවත් පැවසු ජනාධිපතිවරයා මෙසේද කීවේය,

“දැන් මගෙන් අහනවා කවුද ටීම් එක කියලා. මේ ඡන්දෙ තියෙන්නේ ටීම් තෝරන්න නෙවෙයි ජනාධිපති තෝරන්න. ජේ. ආර් ජනාධිපති ඉද්දි අපි දිහා බැලුවෙ නැහැ. චන්ද්‍රිකා ජනාධිපති ඉද්දි කවුද ටීම් එක කියලා අනිත් අය දිහා බැලුවෙ නැහැ. මහින්ද ජනාධිපති වෙද්දි වෙන අය දිහා බැලුවේ නැහැ. මොකටද ටීම්. ඔනෙම ටීම් එකක් එක්ක වැඩ කරන්න නායකයෙකුට පුළුවන් වෙන්න ඔනේ.

සජිත් ප්‍රේමදාස මහත්තයට හොදට ඉංග්‍රිසි කතාකරන්න පුළුවන් කියලා සජබෙ කියනවා. මම ඒගැන වාද විවාද කරන්න යන්නේ නැහැ. මොකද එතුමගේ ටියුෂන් පංතිවලට විලියම් ෂේක්ස්පියර් කියන කවියා ආවා කියලා දන්නවද. වැනිසියේ වෙළෙන්දා ලියන්න කලින් එතුමා ඒ පංතියට ආවේ. අපි ඒගැන වාද කරන්න යන්නේ නැහැ. ඒනිසා මම ටීම් එකක් ගැන කියන්නේ නැහැ. මාව හොදනම් අරගන්න එච්චරයි කියන්නේ. පාර්ලිමේන්තුවට තේරීලා එන අයගෙන් තමයි ටීම් එක තෝරගන්න වෙන්නේ. ඒක මට අවශ්‍ය විදිහට කරන්න බැහැ. ඒ නිසා මොන පක්සයේ උනත් හොද මිනිස්සු පාර්ලිමේන්තුවට දාන්න. මේ සැරේ මම ජනාධිපතිවුණාම හිටපු ටීම් එක මම ගත්තා. මම තෝරන්න ගියේ නැහැ. ඔනෙම ටීම් එකක් දෙන්න මම වැඩකරලා පෙන්නන්නම්. නායකයා කියන්නේ එහෙම කෙනෙක්.

ඒවගේම තමයි ඔබේ අනාගතය වෙනුවෙන් මම ඇවිත් ඉන්නේ. මගේ අනාගතය හරි. වාර්තා ඔක්කොම හදාගෙන ඉවරයි. ජනාධිපතිකමත් අරගත්තා. මට ප්‍රශ්නයක් නැහැ. මම එන්නේ ඔබේ අනාගතය හඳන්න.

අපි ලංකාවේ ණය ගෙවන්න ක්‍රමවේදයක් හදලා තිබෙනවා. ඩොලර් බිලිය 10 විතර සහන දීලා තියෙනවා. නමුත් අපනයන ආර්ථිකයකට අපි යන්නේ නැත්නම් ආපහු මුල් තත්වයට ඇඳගෙන වැටෙනවා.

ජීවනබර සැහැල්ලුකරන්න , රැපියල ශක්තිමත් කරන්න අපි සැලසුම් කරලා තියෙනවා. සමහරු කියනවා බදු අඩුකරනවා කියලා. ගෝඨාභය ජනාධිපතිතුමා ආපුගමන් බදු අඩුකළා. ආර්ථිකය කඩා වැටුණා. ආයෙත් ඒතැනට යන්න බැහැ. අමාරුවෙන් හරි වැට් බදු වැඩිකරන්න සිදුවුණා. නමුත් ඒක නොකළොත් අපිට ගොඩඑන්න බැහැ.

ඒවගේම රැකියා බිහිකරලා , බදු බර අඩුකරලා , අපනයන ආර්ථිකයක් ඇති කරන්න පුළුවන් ශ්‍රී ලංකා වැඩසටහන තුළින් අපි බලාපොරොත්තු වෙනවා.

2050 වනවිට බිලියන 02 න් ලෝක ජනගහනය වැඩිවෙනවා. මේ අයට ආහාර දෙන්න අපි කෘෂිකර්මය නවීකරණය කරන්න අවශ්‍යයි. එහෙම උනොත් අපිට අපනයන ආර්ථිකයකට යොමුවෙන්න පුළුවන්. එහෙම උනොත් අපිට අලුත් ආර්ථිකයකට පිවිසිලා ආදායම වැඩිකරගන්න පුළුවන්. ලංකාවේ සෑම දිස්ක්‍රික්කයකම කෘෂි නිෂ්පාදන හුවමාරුකරගැනීමේ වෙළඳපොළක් ඇති කරන්න මම බලාපොරොත්තු වෙනවා.” යැයි සඳහන් කළේය.

 

 

Previous articleජනාධිපතිට පුළුවන් සියලුම විෂයන් තමන්ගේ යටතට ගැසට් කරගන්න – අනුර
Next articleරට ගොඩගත් වික්‍රමසිංහ ක්‍රමවේදය ලෝකයේම පිළිගැනීමට ලක්වෙලා

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here