Home අද රටේ ආර්ථිකය අමතක කර කිසිවක් කරන්න බැහැ – මූලිකත්වය දිය යුත්තේ ආර්ථිකයටයි

රටේ ආර්ථිකය අමතක කර කිසිවක් කරන්න බැහැ – මූලිකත්වය දිය යුත්තේ ආර්ථිකයටයි

972
0

මේ අවස්ථාවේදී ප්‍රමුඛස්ථානය දිය යුතු කාරණය වන්නේ රටේ ආර්ථිකය බවත් නැවත ආර්ථිකය කඩා වැටුණහොත් බලාපොරොත්තු වන කිසිදුවෙනසක් සිදුකළ නොහැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

අද(02දා) රාත්‍රීයේ පැවති වෘත්තීයවේදීන්ගේ හමුවට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේය.

මෙහිදී වෘත්තීයවේදීන්ට ජනාධිපතිවරයාගෙන් ප්‍රශ්න ඇසීමට අවස්ථාව ලබාදුන් අතර ප්‍රශ්න රාශියක් ජනාධිපතිවරයා වෙත යොමුවිය.

විධායක ජනාධිපති ධුරය අහෝසිකිරිම , යහපාලනය ඇතිකිරීම , වංචා දුෂණ වැළක්වීම , නව නීති ගෙන ඒ්ම , පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ආචාර ධර්ම හදුන්වාදීම ආදී විවිධ ප්‍රශ්න යොමුවිය.

මේ සියල්ල කෙරෙහි අවධානය යොමුකරමින් ජනාධිපතිවරයා පැවසුයේ රටේ ආර්ථිකය අමතකර මේ කිසිවක් සිදුකළ නොහැකි බවත් මේ අවස්ථාවේ ආර්ථිකයට මුලිකත්වය ලබාදිය යුතු බවත්ය.

“මේ අවස්ථාවේ මුලින්ම රට අවධානය යොමුකළ යුත්තේ ආර්ථිකය පිළිබඳවයි. ආර්ථික අර්බුධන නිසා තමයි මම ජනාධිපති උනෙත්. වෙන කිසිම දෙයක් නිසා නෙවෙයි. අපි යහපාලනයනට යා යුත්තේ ආර්ථිකය සමඟයි. ආර්ථිකය අමතක කර මේ කිසිවක් කරන්න බැහැ. බලය බෙදීම , විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම , යහපාලනය ඇතිකිරීම , වංචා දුෂණ මැඩලීම මේ සියල්ල කළ හැක්කේ ආර්ථිකය යහපත්නම් පමණයි.

අපි වෙනස්කම් රැසක් කරන්න යනවා. තවත් බොහොමයක් ඉදිරියේදී එන්නට තිබෙනවා. නමුත් අපි ආර්ථිකය ගැන අවධානය යොමු නොකළ හොත් අනික් සියල්ල අමතක කරන්න වෙනවා. යැයි පැවසීය.

 

 

Previous articleරාජ්‍ය සේවයේ මූලික වැටුප  50% කින් ඉහළට – 2025 ජනවාරි සිට ක්‍රියාත්මකයි
Next articleඅනුර සහෝදරයගේ ප්‍රාඩෝ V8 වල බර දරන්නේ අපි ~ හරිනි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here