Home අද ජනපති අලුත් රැකියා ලක්ෂයක් දෙන්නේ කොහොමද?

ජනපති අලුත් රැකියා ලක්ෂයක් දෙන්නේ කොහොමද?

575
0

ලබන වසරේ සිට අලුත් රැකියා ලක්ෂයක් ලබාදීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා “පුළුවන් ශ්‍රී ලංකා” ජනහමු සඳහා සහභාගීවෙමින් පැවසීය. ආර්ථික අර්බුධයක් පවතින කාලසීමාවක මෙලෙස නව රැකියා ලබාදිය හැකිදැයි විරුද්ධවාදීන් ප්‍රශ්න කරමින් සිටියි.

නමුත් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ “පුළුවන් ශ්‍රී ලංකා” පස්වසරක මෙහෙයුම ප්‍රතිපත්ති ප්‍රකාශ තුළ 2025 වසරේදී රැකියා ලක්ෂයක් ලබාදෙන ආකාරය පැහැදිලිව සඳහන් කර තිබේ. ඒ මෙසේය,

විදේශ රාජ්‍ය ආධාර මත ක්‍රියාත්මක වන ව්‍යාපෘති

බංකොළොත්භාවය නිසා අත්හිටවු සංවර්ධන ව්‍යාපෘති යළිත් ආරම්භකිරීමට අවස්ථාව උදාවී ඇති අතර 2025 වසරේ සිට ඒවා ආරම්භකිරීමට සැලසුම්කර ඇති අතර ඒ හා බැඳුණු රැකියා අවස්ථා ගණනාවක් නිර්මාණය වන බව ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් කර තිබේ.

පුද්ගලික අංශයේ රැකියා

සංචාරක කර්මාන්තය සහ නිෂ්පාදන කර්මාන්ත ඇතුළු පුද්ගලික අංශය සමඟ එක්ව නව රැකියා වැඩපිළිවෙළක් සකස්කරන බව ජනාධිපතිවරයා ඉදිරිපත්කළ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් කර තිබේ. තරුණ තරුණියන්ට  මෙම ක්ෂේත්‍රවල පුහුණුව ලබාදෙන කාලය පුරාවට රුපියල් 35 000 ක දීමනාවක් ලබාදීමට කටයුතු කරන බවද පුහුණුවෙන් පසු ඉහළ වැටුප් සහිත රැකියා අවස්ථා හිමිකර දෙන බවද එහි සඳහන් වේ.

සුළු හා‌ මධ්‍ය පරිමාණ ව්‍යවසායකයෝ බිහිකිරීම

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් වෙත ලබාදෙන ණය සහන හේතුවෙන් නව රැකියා අවස්ථා බිහිවෙමින් පවතින අතර විරැකියාවෙන් පෙළන අයට රැකියා ඒ හරහා නිර්මාණය වේ.

කෘෂි නවීකරණය

2025 වසරේ සිට 2027 වසර දක්වා කෘෂි නවීකරණ කටයුතු සිදුකිරීමට සැලසුම්කර ඇති බැවින් ඒහරහා නව රැකියා අවස්ථා රැසක් බිහිකරන බවද ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් කර තිබේ.

50 000 ට විදෙස් රැකියා

පුහුණුව සහිත විදෙස් රැකියා ලබාදීමට කටයුතු කරන බවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ(01දා) පුත්තලමේදී පැවසු අතර මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවසීය,

“රැකියා ලබාදීමේ පළමු පියවර විදිහට රැකියා ලක්ෂයක් දෙනවා. ආණ්ඩුවේ රැකියා , පෞද්ගලික අංශයෙන් වගේම ස්වයං රැකියා ඇති කරනවා. ඒවගේම තවත් 50 000 ට මුදල් දෙනවා තමන් කැමති විෂයක පුහුණුවෙලා විදෙස් රැකියා වලට යන්න අවස්ථා දෙනවා. පළමුවෙන්ම තියෙන්නේ කෘෂිකර්ම නවීකරණයක් ඇති කරන්න. කෘෂිකර්මය දියුණු කරලා සංචාරක කර්මාන්තය දියුණු කරලා අපිට ආර්ථිකය වර්ධනය කරන්න පුළුවන්.” යනුවෙනි.

 

 

 

 

Previous articleමම මහත් වෙලා තියෙන්නේ ජනතාව දෙන කෑම කාලා – ආචාර්ය හරිනි අමරසූරිය
Next articleඅධ්‍යාපනය, සෞඛ්‍ය විකිණීමට ජවිපය පක්ෂයි -නුවන් බෝපගේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here