Home අද අධ්‍යාපනය, සෞඛ්‍ය විකිණීමට ජවිපය පක්ෂයි -නුවන් බෝපගේ

අධ්‍යාපනය, සෞඛ්‍ය විකිණීමට ජවිපය පක්ෂයි -නුවන් බෝපගේ

685
0

අධ්‍යාපනය, සෞඛ්‍ය විකිණීමට ජනතා විමුක්ති පෙරමුණ එකඟවී ඇති බව ජනඅරගල සන්ධානයේ ජනාධිපති අපේක්ෂක නුවන් බෝපගේ මහතා චෝදනා කරයි. සිය පක්ෂයේ  කදුරුවෙලදී පැවති ජනහමුවේදී හෙතෙම මේබව ප්‍රකාශ කළේය. පොහොසත් රටක් නමින් ඔවුන් ඉදිරිපත්කර ඇති ප්‍රතිපත්ති ප්‍රකාශය තුළින් කිසිදු වෙනස් දෙයක් පිළිබඳ ඉදිරිපත් කර නොමැති බවද හෙතෙම සඳහන් කළේය.

“ජාතික ජන බලවේගය කන්දක් විලිලලා වගේ ප්‍රතිපත්ති ප්‍රකාශයක් අරගෙන ආවා. පොහොසත් රටක් කියලා ඔවුන් ප්‍රතිපත්ති ප්‍රකාශයක් ඉදිරිපත් කරලා . අපි පිටුවෙන් පිටුව කියවලා බැලුවා.  අපි හිතුවා ජනතාව වෙනුවෙන් යමක් කරන්න පුළුවන් ප්‍රතිපත්ති ප්‍රකාශයක් ඉදිරිපත්වෙයි කියලා. අන්තිමට පිටුවෙන් පිටුව බලද්දි ඔවුන් ඒක ඇතුලෙ කියන්නේ දැන් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ඇවිත් තිබෙන නිසා ඔවුන්ට කරන්න දෙයක් නැහැ කියලා. අනිත් හැමෝමට වඩා හොදට ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ප්‍රතිපතිති ක්‍රියාත්මක කරන්නම් කියලා තමයි ලස්සන රටක් ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් ඔවුන් කියන්නේ.  ඔවුන් අධ්‍යාපනය විකිණීමට පක්ෂයි , සෞඛ්‍ය විකිණීමට පක්ෂයි , කෘෂි රසායන සමාගම්කරණයට පක්ෂයි. සියලු කොන්දේසි ගත්තොත් අවසාන විග්‍රහයේදී මේ කොල්ලකාරී ආර්ථිකය පවත්වාගෙන යන්න ඔවුන් පක්ෂයි.”

Previous articleජනපති අලුත් රැකියා ලක්ෂයක් දෙන්නේ කොහොමද?
Next articleකියන හැම මඟුලම අහන් ඉන්න බෑ. මගේ ඉවසීමේ සීමාව පන්නගන්න එපා.! – නිපුණ රණවක

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here