Home අද අසාර්ථකම කෘෂිකර්ම අමාත්‍යවරයා ගැන හෙළිදරව්වක්

අසාර්ථකම කෘෂිකර්ම අමාත්‍යවරයා ගැන හෙළිදරව්වක්

683
0

ඉතිහාසයේ බිහිවූ අසාර්ථකම කෘෂිකර්ම අමාත්‍යවරයා අනුර කුමාර දිසානායක මහතා බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජේෂ්ඨ උප සභාපති මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 73 වැනි සංවත්සරයට එක්වෙමින් ඒ මහතා මේබව පැවසු අතර අමාත්‍යාංශයත් පාලනය කරගත නොහැකි පුද්ගලයෙකුට රටක් භාරගෙන පාලනය කළ හැකිදැයි ප්‍රශ්න කළේය,

“අනුර කුමාර ඇමතිකම් කරලා නැද්ද?. එයා තමයි හොඳටම කළේ. අනුර කුමාරට කෘෂිකර්ම අමාත්‍යාංශයට තවත් අමාත්‍යාංශ කිහිපයක්ම එකතුකරලා දුන්නා. නමුත් කොහෙද වැඩ කරලා තියෙන්නේ. වැව් දස දහසක් හදනවා කිව්වා. දස දහස නෙවෙයි වැව් දහයක් හරි හදලා තියෙනවානම් කියන්න කියලා මම අභියෝග  කරනවා. හැබැයි ඇතිවෙන්න පෝස්ටර් ගැහුවා. ඇතිවෙන්න‌ තොරන් ගැහුවා. ඇතිවෙන්න පෙරහරවල් තිබුණා. ඒවා සංදර්ශන විතරයි. හඳපු වැවක් නැහැ. කරමු වාරිමාර්ග ව්‍යාපෘතියක් නැහැ. හැබැයි එයලා කියන එක දෙයක් තියෙනවා. අපි ගියෙ ඩබල් කැබ්වල කියලා කියනවා. ඒක වෙන්න පුළුවන්. හැබැයි එහෙම ගියාම ඔක්මොක හරි යනවද. දැන් නම් යන්නේ වී8 වල. මෙයාලා ඇමතිකමක්වත් කරන්න දන්නේ නැති අය. අසාර්ථකම කෘෂිකර්ම ඇමතිතමයි අනුර යැයි හෙතෙම පැවසීය.

Previous articleඔබේ තනතුර අනුව වැටුප වැඩි වෙන හැටි – 2025 සිට මුලි වැටුප දෙගුණයක් වේ
Next articleදෙමල ඡන්ද හොරකම් කරන්න හැදු සජිත්ට සිදුවුණ දේ ජනපති කියයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here