Home අද අපි බදු අඩුකරන්නේ ආදායම වැඩි කරලා – ජනපති

අපි බදු අඩුකරන්නේ ආදායම වැඩි කරලා – ජනපති

950
0

ජනතාවගේ බදු අඩුකරන්නේ ආදායම වැඩි කිරීමෙන් බවත්  බදු දැල පුළුල් කරමින් ඉදිරි වසර දෙක තුළ බදු බර අඩු කරන බව ස්වාධීන ජනාධිපති ධුර අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.  එමෙන්ම බදු අඩුකරන බවට විරුද්ධවාදීන් කරන සුරංගනා කතා තමාට පැවසිය නොහැකි බවද ජනාධිපතිවරයා පැවුසයේ ජා ඇළ පැවති  ”පුළුවන් ශ්‍රී ලංකා” ජන රැලිය අමතමිනි වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේය.

සමහර අය ඇවිත් කියනවා මේ රටේ ප්‍රශ්න තිබුණත් අපි බඩු මිල අඩු කරනවා…අපි සහනාධාර දෙනවා කියලා. අපි සහනාධාර දෙන්නේ, ඔබේ ආදායම් වැඩි කරන්න. ආදායම් දැලට අයිති නැති අය එකතු කරගමු. බදු අඩු කරන්නේ ඒ විදියට. ආදායම් වැඩි කරලා මම බදු අඩු කරනවා. ඉදිරි වසර 2 තුළ බදු බර සැහැල්ලු කරනවා. අපි ලෑස්ති නෑ ඇවිල්ලා බොරු කරන්න. 

මම පුදුම වුණා. අපේ සජිත් ප්‍රේමදාස මහත්තයා කතාවක් කළා, මම  පාසල් 10,000ටම සුහුරු පන්ති කාමර දෙනවා කිව්වා. ඒවා ගන්න මම කෝටිපතියෝ 10,000ක් ලෝකේ වටේ හොයා ගෙන ඒ හැමකෙනාටම පාසලක් භාරදෙනවාලු. මම අහන්නේ රුමේනියාවේ ඉන්න කෝටිපතියා රාගම පාසල භාරගන්නවාද? ආජන්ටිනාවේ ඉන්න කෝටිපතියා ගල්ගමුව විද්‍යාලය භාරගන්නවාද? සජිත් කියන විදිහට ලෝකයේ ඉන්න ඔක්කෝම කෝටිපතියෝ එනවා ඉස්කෝල දියුණු කරන්න. 

ඔහොම අයට ඡන්දෙ දෙන්න පුළුවන් ද ? මොකද්ද මේ අපි බබාලා කියලා හිතනවාද? තානාපතිවරු මුදල් ගෙනාවේ නැත්නම් ඒ අයව ඉවත් කරනවාලු. අපිට තානාපති කාර්යාල 50ක් වත් නැහැ. ඉතියෝපියාවෙන් කෝටිපතියෝ හොයනවාද? අනික කියුබාවේ කැස්ත්‍රෝ කෝටිපතියෝ හැදුවේ නැහැ. කෝටිපතියෝ නැති කළා. කැලිෆෝනියාවේ ගිහින් කියනවා එන්න එන්න වැලිමඩ මධ්‍ය මහා විද්‍යාලය භාරදෙන්නම් කියනවා. එයා කොච්චර කාලයක් කුණුහරුප කියයිද දන්නේ නැහැ. මෙහෙම කෙනෙක් සුදුසුද ඇමතිකමකටවත්.

අපි වීසා ඉවත් කළ නිසා ඔක්කොම ලංකාවට එයි කියලා හිතන්නේ. මෙහෙම කෙනෙක් කොහොමද රටක් භාරගන්නේ. 2022 ආණ්ඩුව භාරනොගත්තේ ඇයි කියලා පැහැදිලියි. කවුද ඇත්ත කතා කරන්නේ, කවුද ප්‍රතිඵල ලබාදුන්නේ කියලා බලලා යන්න. මේක මගේ අනාගතය නෙමෙයි ඔබේ අනාගතය. උදේට ඇවිදින්න යනවාද? පෝලිමට යනවාද? රෑ වැටුණු වලේ දවල් වැටෙනවාද? එච්චරයි අහන්න තියෙන්නේ. ?”

 

Previous articleරනිල් හදිස්සියේම අනුරට අජිත්ව මුණගැස්සවූයේ ඇයි?
Next articleරට බේරගන්න එන්න හිටපු ගොඩක් ගමන කැන්සල් කරයි.!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here