Home අද රනිල් හදිස්සියේම අනුරට අජිත්ව මුණගැස්සවූයේ ඇයි?

රනිල් හදිස්සියේම අනුරට අජිත්ව මුණගැස්සවූයේ ඇයි?

20364
0

කොළඹ ආරක්ෂක සමුළුවේ (CSC) සාමාජික රටවල් වන ශ්‍රී ලංකාව, ඉන්දියාව, බංග්ලාදේශය, මාලදිවයින සහ මොරිෂස් යන රටවල්, කොළඹ ආරක්ෂක සමුළුවේ මහලේකම් කාර්යාලය පිහිටුවීම සඳහා වන ප්‍රඥප්තිය සහ අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම මීට සුළු මොහොතකට පෙර ජනාධිපති ලේකම් කාර්යාලයේදී සිදුකෙරිණ

ශ්‍රී ලංකා රජයේ ආරාධනාවක් මත කලාපීය ආරක්ෂක සංවාදයක් සඳහා මෙරටට පැමිණි ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක අජිත් දෝවාල් මහතා අද (30) උදෑසන ජනපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී දෙරට අතර ආර්ථික සහයෝගිතාව වර්ධනය කරගන්නා අකාරය පිළිබඳව සාකච්ඡා කර තිබේ.

No description available.

 

May be an image of 2 people, dais and the Oval Office

ඊයේ(29)  රාත්‍රියේ ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක සහ අජිත් දොවල් මහතා අතර සාකච්ඡාවක් සාගල රත්නායක මහතාගේ නිල නිවසේදී පවත්වා තිබේ.

අද සන්ධ්‍යාවේ ඉන්දීය ජාතික ආරක්ෂක අජිත් දොවල් මහතා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක ඉන්දියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති මිලින්ද මොරගොඩ යන මහත්වරුන් හමුවී තිබෙන අතර තවත් සිවිල් හා දේශපාලන නියෝජිතයින් හමුවීමට නියමිතව තිබේ.

එළඹෙන ජනාධිපතිවරණයට පෙර මෙරටට පැමිණෙන ජ්‍යෙෂ්ඨ ඉන්දීය රාජ්‍ය තාන්ත්‍රිකයා වන්නේ අජිත් දෝවාල් මහතායි

පසුගිය සමයේ දැඩි ඉන්දීය විරෝධී මතයක සිටි ජාතික ජන බලවේගය, එහි නායක අනුර කුමාර දිසානායක මහතාගේ ඉන්දීය සංචාරයෙන් පසුව ඉන්දීය හිතවාදී පිළිවෙතකට නැඹුරු වූ අතර ඉන්දීය රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් නිරන්තරයෙන් අනුර දිසානායක මහතා මුණගැසෙමින් සිටී.

රනිල් වික්‍රමසිංහ රජය ජනාධිපතිවරණයෙන් පසුව ඉන්දියාව සමඟ එක්ව විශේෂ සංවර්ධන ව්‍යාපෘති රැසක් දියත් කිරීමට නියමිතව ඇති අතර ඊට එරෙහිව ජාතික ජන බලවේගය විසින් ජනතාව උසිගැන්වීම වැලැක්වීම සඳහා ඉන්දියාව දැඩි උත්සාහයක නිරතවන බවද දක්නට ලැබේ.

ඉන්දීය ව්‍යාප්තවාදය සම්බන්ධයෙන් දරුණු විවේචන එල්ල කරමින් සිටි ජාතික ජන බලවේගයේ නායකයින් වාර්තමානයේදී රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉන්දියාව අතර පවතින සබඳතා ඉදිරියේ ඉතා නිහඬ පිළිවෙතක් අනුගමනය කරමින් සිටී.

Previous articleමාලිමාව එනවා කියන කෘතීම රැල්ලට කොටස් වෙළඳපොළ කඩා වැටෙයි
Next articleඅපි බදු අඩුකරන්නේ ආදායම වැඩි කරලා – ජනපති

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here