Home අද මාලිමාව එනවා කියන කෘතීම රැල්ලට කොටස් වෙළඳපොළ කඩා වැටෙයි

මාලිමාව එනවා කියන කෘතීම රැල්ලට කොටස් වෙළඳපොළ කඩා වැටෙයි

2194
0

පසුගිය දින කිහිපය තිස්සෙම කොළඹ කොටස් වෙළඳපොළ අඛණ්ඩව කඩාවැටෙමින් පවතිනවා.

No description available.

No description available.

එය ඊයේ දිනයේ ද 1.3%කින් පහත වැටි තිබේ. මෙලෙස අඛණ්ඩව කොළඹ කොටස් වෙළඳපොළ කඩාවැටෙමින් පවතින්නේ මෙරට සමාජ මාධ්‍ය තුළ කෘතිම නිර්මාණය කර ඇති රැල්ල හේතුවෙන් විදෙස් මාධ්‍ය කිහිපයක් වන Bloomberg සහ Wionews මෙවර ජනාධිපතිවරණයේදී අනුර දිසානායක මහතා ඉදිරියෙන් සිටින බව වාර්තා වීමත් සමඟයි.

No description available.

ඒ හා සමඟම ඔවුන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් වන ප්‍රජාතන්ත්‍රවාදී ආර්ථික (Economic Democracy) හේතුවෙන් කොටස් වෙළඳපොළේ ආයෝජනය කර ඇති විශාල පිරිසක් ඉන් ඉවත්ව යමින් පවතින බව ආරංචි මර්ග සඳහන් කරනවා.

2024 වසරේ මාර්තු 07 වන දිනෙන් පසු ප්‍රථම වරට කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය පසුගිය 28 වැනිදා ඒකක 11,000 සීමාවෙන් මෙපිටට පැමිණියේය.

No description available.

එහිදී ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 147.67 කින් පහළ ගොස් ඒකක 10,945.81 ක් ලෙසින් වාර්තා වුණි.

2024 මැයි මාසයේ ඉහළම අගයේ සිට මේවන විට වෙළඳපොළ වටිනාකම රුපියල් බිලියන 600ක් පමණ අහිමි වී ඇත.

Previous articleඅපේ ආණ්ඩුවක් ආවම ගොවීන්ට සතුටෙන් අඩියක් ගහන්න පුළුවන් – අනුර
Next articleරනිල් හදිස්සියේම අනුරට අජිත්ව මුණගැස්සවූයේ ඇයි?

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here