Home අද “ඒක අපි IMF එකත් එක්ක කතාකර ගන්නම් ” – අනුර ජනපතිගේ අභියෝගය...

“ඒක අපි IMF එකත් එක්ක කතාකර ගන්නම් ” – අනුර ජනපතිගේ අභියෝගය මඟහරියි?

1659
0

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග සජීව සංවාදයකට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් සිදු කරන ද අභියෝගයට ජාතික ජන බලවේගය ප්‍රතිචාර දක්වා තිබෙනවා.

එහි ජාතික විධායක සභික සුනිල් හඳුන්නෙත්ති මහතා පවසන්නේ ජාතික ජන බලවේග ආණ්ඩුවක් යටතේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග අවශ්‍ය පරිදි සාකච්ඡා කර ගැනීමට ඔවුන් සූදානම් බවයි.

ජනාධිපතිවරයා විසින් සිදු කරන ලද අභියෝගය භාර ගන්නා බවක් හෝ නොගන්නා බවක් සෘජුව නොපැවසූ සුනිල් හඳුන්නෙත්ති මහතා කියා සිටියේ “ඒක අපි IMF එකත් එක්ක කතාකර ගන්නම්” යනුවෙනි

අදාළ සංවාදය සඳහා සජිත් ප්‍රේමදාස මහතාගේ පාර්ශවය සම්බන්ධ වීමට සූදානම් බව දැනුම්දී තිබේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග වන එකඟතා ගිවිසුම වෙනස් කිරීම සම්බන්ධයෙන් මෙම සංවාදයට සහභාගි වෙන්නයි ජනාධිපතිවරයා විසින් සජිත් ප්‍රේමදාස හා අනුර දිසානායක යන මහත්වරුන්ට විවෘතව ආරාධනා කර තිබේ.

 

Previous articleඅමාරු කාලේ ඉන්නේ නැති මිනිස්සු දැන් ඇවිත් මොනා කරන්න ද? – ජනපති
Next articleආර්ථික සමෘද්ධිය කරා රට ගෙනයන “පුළුවන් ශ්‍රී ලංකා” එළිදක්වයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here