Home අද අමාරු කාලේ ඉන්නේ නැති මිනිස්සු දැන් ඇවිත් මොනා කරන්න ද? – ජනපති

අමාරු කාලේ ඉන්නේ නැති මිනිස්සු දැන් ඇවිත් මොනා කරන්න ද? – ජනපති

807
0

රට අර්බුදයට පත්ව තිබු අවස්ථාවේ ජනතාව ගැන නොසිතා කටයුතු කළ මහජන නියෝජිතයින් පිළිබඳව ජනතාවට යළි විශ්වාසයක් තැබිය නොහැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ රට වැටී තිබු ආර්ථික අර්බුදයෙන් ගොඩගැනීම සඳහා සහයෝගය ඉල්ලා සිටිය ද ඇතැම් නායකයින් එම කටයුතු මඟ හැරී බවය.

ජනාධිපතිවරණය ඉලක්ක කරගනිමින් නුගේගොඩ නගරයේ පැවති ජනරැලියට එක්වෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේය.

“දැන් අපිට විවේචනය කරනවා එකට එකතු වුණා කියලා. බොරු කියලා කවුද මේ විවේචනය කරන්නේ ? මේ අය මොනවා ද කරේ ? රටේ ප්‍රශ්නවලට විසඳුමක් දුන්නද? ඒ අයට වගකීම භාරදුන්නාහම දිව්වා. මට වගකීම භාරදුන්නාහම මම ජනාධිපති වුණා. හැම එක්කෙනාගෙන්ම ඉල්ලුවා එකතු වෙන්න කියලා. මගේ එක්ක එකතු වුණ අය තමා මේ වේදිකාවේ ඉන්නේ. වේදිකාවෙන් පිට ඉන්නේ, උන් මැරුණත් කමක් නෑ අපේ දේශපාලන වාසිය ගන්න ඕනේ කියන අය. එදා විසඳුමක් නැති මිනිහා ජනතාව ගැන හිතුවේ නැති නායකයා කොහොම ද අද කියන්නේ මාව ජනාධිපති කරන්න කියලා. ඊළඟ සැරේ කරදරයක් ආවොත් කෙලින්ම දුවලා කටුනායකට ප්ලේන් එකේ නැගලා යයි. තමන් ගැන හිතයි. තමන් කරදරේ වැටුණහම මේ මිනිහා ඉඳී ද නැද්ද? සජිත් ජනාධිපති වුණොත් ඉඳීද ? දුවයි ඊළඟ ඔලිම්පික් වෙනකල්. අනුර ජනාධිපති වුණොත් ඉන්නවාද ? අමාරු කාලේ ඉන්නේ නැති මිනිස්සු දැන් ඇවිත් මොනා කරන්න ද? මේ ඡන්දේ දෙන්නේ මට නෙමෙයි. ඔබේ කුස්සියට. ගෑස් සිලින්ඩරයට කතිරය ගහන්න. ඒක ගහන්නේ නැතුව ගෑස් සිලින්ඩරය නැති වුණොත් මට බනින්න එපා.”

Previous articlePAYE බද්ද සංශෝධනය කරන්න IMF සමඟ එකඟතාවක් – ජනපති කියයි
Next article“ඒක අපි IMF එකත් එක්ක කතාකර ගන්නම් ” – අනුර ජනපතිගේ අභියෝගය මඟහරියි?

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here