Home අද ‘ජනපති අනුර’ කියන ඉන්දියානු බුද්ධි වාර්තාව බොරුවක් – ඉන්දීය මහ කොමසාරිස්...

‘ජනපති අනුර’ කියන ඉන්දියානු බුද්ධි වාර්තාව බොරුවක් – ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය ප්‍රතිචාර දක්වයි

27405
0

ජාතික ජන බලවේගය නායක අනුර දිසානායක මහතා ඉදිරි ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කරනු ඇති බවට ඉන්දීය බුද්ධි අංශ විසින් කරන ලද වාර්තාවක් යයි කියන සටහන් සමාජ ජාල වල පළවීම සම්බන්ධයෙන් කොළඹ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය ප්‍රතිචාර දක්වා තිබෙනවා.

එම කාර්යාලයේ ප්‍රකාශකයෙකු මෙම වාර්තාව ප්‍රතික්ෂේප කරමින් කියා සිටියේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය හා සම්බන්ධ කරන කරන ලද මෙම වාර්තාව තමන්ද නිරීක්ෂණය කළ බවයි. නමුත් එම වාර්තාව පදනම් විරහිත අසත්‍ය හා පදනම් විරහිත බවද ඔහු කියා සිටියේය.

මෙරට ජනාධිපතිවරණය සම්බන්ධයෙන් කොළඹ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය හරහා ඉන්දියාව මැදිහත්ව කරන ලද සමීක්ෂණයක් අනුව අනුර දිසානායක මහතා පහසුවෙන්ම ජය ගන්නා බවටත් සමගි ජන බලවේගය ජනප්‍රියත්වය පහළ වැටෙමින් ඇති බවටත් සමාජ ජාලවල හුවමාරු වූ එම සටහනේ දක්වා තිබේ.

Previous articleසිංහකොඩිය අතට අරගෙන පස් පිඬක් අතට අරගෙන හෘද සාක්ෂියට අත තියලා අහන්න කාටද ඡන්දේ දෙන්න ඕන? – අනූෂා දමයන්ති
Next articleNPP රජයක් යටතේ සමාජ මාධ්‍ය නියාමනය කරනවා

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here