Home අද අපි ආවම හදන්නේ පෞද්ගලික විදුලි බලාගාර විතරයි – චතුරංග අබේසිංහ

අපි ආවම හදන්නේ පෞද්ගලික විදුලි බලාගාර විතරයි – චතුරංග අබේසිංහ

833
0

ඉදිරියේදී පිහිටුවනු ලබන ජාතික ජන බලවේග රජයක් යටතේ විදුලි බල ක්ෂේත්‍රයේට සිදුකරන නව විදුලි උත්පාදන ව්‍යාපෘති සියල්ලම පෞද්ගලික ආයෝජන හරහා සිදුවන බව එම පක්ෂයේ ජාතික විධායක සභික චතුරංග අබේසිංහ පවසනවා.

අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවකට එක්වෙමින් ඒ මහතා මේ කියා සිටියා.

2026 හා ඉන් එපිටට මෙරට විදුලි අවශ්‍යතාවය තවත් මෙගාවොට් දෙදහක් හෝ ඊට වැඩිපුර අවශ්‍ය බවට ගණනය කර ඇති බවත් ඒ මහතා පෙන්වා දෙනවා.

එමනිසා දැනට රජය සතුව පවතින මෙගාවොට් හාරදහසක විදුලි උත්පාදන විභවයන් පුද්ගලීකරණය නොකර රජය සතුව තබා ගත යුතු බව කියා සිටි ඒ මහතා එමඟින් බලශක්ති ක්ෂේත්‍රයේ රජයේ පංගුව රැක ගැනීමට හැකියාව ඇති බවපෙන්වා දෙනවා.

ජාතික ජන බලවේගයේ ප්‍රමුඛතම දේශපාලන කඳවුර වන ජනතා විමුක්ති පෙරමුණ සහ එහි වෘත්තීය සමිති මෙරට ඉදිකිරීමට යෝජනා වූ සුළං විදුලි බලාගාර සඳහා පෞද්ගලික ආයෝජකයින්ට ලබාදීමට විරුද්ධව කටයුතු කල පිරිසක් වන අතර එම කඳවුරෙන්ම මෙවැනි විදුලි බල ක්ෂේත්‍රයේ පෞද්ගලික යෝජනා වලට ප්‍රවනතාවක් දැක්වීම ඉතා යහපත් ප්‍රවණතාවක් වේ.

Previous articleඅනුරව අපි ගෙන්නුවේ නෑ – රාහුල ආදි සිසු සංගමය කියයි
Next articleදූෂණ නැතිකරන්න කතාකරන සජිත් තොරතුරු දීම මඟහරියි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here