Home අද ජනපතිගේ අභියෝගයට පැය 24 යි.! අනුර හඬයි සජිත් නිහඬයි

ජනපතිගේ අභියෝගයට පැය 24 යි.! අනුර හඬයි සජිත් නිහඬයි

19645
0

ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුධය විසඳීමට ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ ඇතිකරගත් ගිවිසුම ක්‍රියාත්මක කිරීම පිළිබඳව ප්‍රසිද්ධ විවාදයකට පැමිණෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අනුර කුමාර දිසානායක සහ සජිත් ප්‍රේමදාස ජනාධිපති අපේක්ෂයින් දෙදෙනාට අභියෝග කර පැය 24 ක් ගතවී තිබුණද මෙතෙක් සජිත් ප්‍රේමදාස මහතා හෝ අනුර කුමාර දිසානායක මහතා කිසිදු ප්‍රතිචාරයක් දක්වා නොමැත.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ ප්‍රසිද්ධ සාකච්ඡාවක් පැවැත්වීමටත් සහභාගිවන ලෙස අභියෝග කරන බවත් එම සාකච්ඡාව සියලුම මහජනතාවට නැරඹීමට හැකිවන පරිදි සියලුම රෑපවාහිනි නාළිකා ඔස්සේ විකාශය කළ යුතු බවත් එවිට ඡන්දය දිය යුත්තේ කාහටදැයි පැහැදිලිවම ජනතාවට තේරුම්ගත හැකිවනු ඇති බවත් ජනාධිපතිවරයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (25දා) යෝජනා කළේය.

ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වීමේ වැඩසටහන අද දිනයේදී පැවැත්වු අතර එසේ වුවද එම අභියෝගය සම්බන්ධයෙන් කිසිදු ප්‍රකාශයක් ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා සිදු නොකිරීම විශේෂත්වයක් විය. ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග ඇති ගිවිසුම සංශෝධනය කරන බවට  ඔවුන් අද දිනයේදී එළිදැක්වු ප්‍රතිපත්ති ප්‍රකාශයේද සඳහන් කර තිබේ.

සමගි ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂ සජිත් ප්‍රේමදාස මහතා හෝ එම පාර්ශවයේ කිසිවෙකු මේ සම්බන්ධයෙන් කිසිදු අදහසක් මේ දක්වා පළකර නොතිබීම ද විශේෂත්වයකි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජනාධිපතිවරයා ඊයේ (25දා)  මෙසේ පැවසීය,

ජනප්‍රිය තීන්දු ගන්න අපි ඔක්කොම කැමතියි. හැබැයි රෑ වැටුණු වළේ අපි දවල් වැටෙන්න ඔනෙද? ඒවගේම විපක්ෂය බොරු කියන්නේ ඇයි කියලත් මම අහන්න කැමතියි. ජාත්‍යන්තර මුල්‍ය අරමුදල කිසි විටෙක කොන්දේසි මාරු කරන්නේ නැහැ.  ශ්‍රීසියේ ආර්ථික අර්බුදය වෙලාවෙත් මේ විදිහටම විපක්ෂය ගිවිසුම වෙනස් කරන්න හැදුවා. ඒ නිසා රට තවත් පහළට වැටුණා. ඒදේමද මෙයාල දැන් ලංකාවටත් කරන්න හදන්නේ. අපි කියන්නේ මුල්‍ය අරමුදලේ ගිවිසුම සමඟ ඉදිරියට යනවා කියලා. නමුත් සජබෙ සහ මාලිමාව කියන්නේ මොකක්ද . ගිවිසුම සංශෝධනය කරනවා කියලා. එහෙම උනොත් මුදල් නවතිනවා. සාමානයෙන් මුල්‍ය අරමුදල සමඟ සාකච්චා කරලා අලුත් ගිවිසුමකට යන්න අඩුම මාස හයක් යනවා. එතකම් අපි මොකද කරන්වේ. මේ දේවල් වලට උත්තර දෙන්න කියලා මම කියනවා. ඒවගේම මම යෝජනාවක් කරන්න කැමතියි. අපි පක්ෂ තුනම මුල්‍ය අරමුදල එක්ක එකතුවෙලා සාකච්ඡාවක් කරමු. ඔයාලා කරන්නේ මොකක්ද කියලා පැහැදිලිව කියන්න. අපි ජනතාවට ඒක පෙන්නමු. ඔබට සැලැස්මක් තිබෙනවානම් රටට කියන්න. බොරු කියලා ජනතාව රවට්ටන්න එපා. ඒ සාකච්ඡාව රටට පෙන්නුවාට පස්සේ රටේ සියලු දෙනාම ගෑස් සිලිංඩරය ලඟින් කතිරය ගහයි. එහෙම නොකර ගෑස් නැතිඋනොත් අඩන්න එපා. යැයි ජනාධිපති වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

Previous articleදෙපැත්තටම යන LRT ගේනවා – ජාතික ජන බලවේගය
Next articleසිංහකොඩිය අතට අරගෙන පස් පිඬක් අතට අරගෙන හෘද සාක්ෂියට අත තියලා අහන්න කාටද ඡන්දේ දෙන්න ඕන? – අනූෂා දමයන්ති

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here