Home අද යළිත් පෝලිම් වල ඉන්න බැහැ – ප්‍රවාහන සංගම් 12 ක් ජනපතිට සහය...

යළිත් පෝලිම් වල ඉන්න බැහැ – ප්‍රවාහන සංගම් 12 ක් ජනපතිට සහය දෙයි

682
0

නැවත ඉන්ධන පෝලිම් තමන්ට අවශ්‍ය නොවන බවත් ඉන්ධන හිඟය හමුවේ තම ප්‍රවාහන කටයුතු පත්වාගත නොහැකිව මුහුණ දුන් අසීරැතා අමතක නොමැති බවද ප්‍රකාශ කරමින් ඉදිරි ජනාධිපතිවරණයේදි රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට සහය පළකරන බවට ප්‍රවාහන සංගම් 12 ක් ජනාධිපතිවරයා හමුවී අද(25දා) දැනුම්දී තිබේ.

පුද්ගලික බස්රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා ඇතුළු සංගම් ප්‍රධානීහු හා නියෝජිතයෝ ජනාධිපතිවරයාගේ දේශපාලන කාර්යාලයේදී ජනාධිපතිවරයා හමුවී මේබව ප්‍රකාශ කර ඇත.

කඩා වැටී තිබු රට වසර දෙකක් වැනි කෙටිකාලයක් තුළ ගොඩනැගීමට ජනාධිපති වික්‍රමසිංහ මහතාට හැකි වු බවත් ජනතාවට ජීවත්විය හැකි පරිසරයක් නිර්මාණය කළ හැකි එකම නායකයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ බවද ඔවුන් පෙන්දාව දී තිබේ.

ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය , අන්තර් පළාත් බස් හිමියන්ගේ සංගමය, පොදුජන පෙරමුණ බස් සංගමය , බහාලුම් ප්‍රවාහන සංගමය , කාර්යාල ප්‍රවාහන සංගමය , සමස්ත ලංකා රියදුරු වෘත්තිය සංගමය,  සමස්ත ලංකා ත්‍රීරෝද රථ රියදුරන්ගේ හා හිමිකරුවන්ගේ සංගමය , සමස්ත ලංකා පාසල් බස් රථ සංගමය , දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය , ජාතික ටැක්සි ත්‍රිරෝද රථ වෘත්තිකයින්ගේ එකමුතුව  යන සමංගම්වල ප්‍රධානීහු සහ නියෝජිතයෝ ජනාධිපතිවරරයාය හමුවී සහය පලකර තිබේ.

Previous articleNPP ප්‍රතිපත්ති එක්ක රටක් හදන්න බෑ ,රැල්ලට යන්න එපා – වෛද්‍ය පැතුම් කර්නර්
Next article ඊ- රියදුරු බලපත්‍රය 2025 වසරේ පළමු මාස හය තුළ – ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශ ලේකම්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here