Home අද කඩවතදී විවෘත වු මෙරට දෙවැනි බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය

කඩවතදී විවෘත වු මෙරට දෙවැනි බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය

688
0

මෙරට විවෘත වු දෙවැනි බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය පසුගියදා කඩවත දී විවෘත වු අතර මේවනවිට එහි  මෙහෙයුම් කටයුතු සිදුවේ.

මෙම නව බස්රථ නැවතුම්පල සම්පූර්ණයෙන් අධිවේගී මාර්ගයේ බස් සදහා පමණක් භාවිතා කෙරෙන අතර  මෙහි මෙහෙයුම් සහ පරිපාලනය මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයට සමාන ආකාරයෙන් සිදුකෙරේ.

මෙහි ප්‍රධාන බස් පර්‍යන්තය තුල එක්වර ගමනාන්ත 15ක් සදහා බස් නැවැවීමේ පහසුකම් සලසා තිබේ. එම සියළුම ගමනාන්තයන් සහ බස් රථ පිටත්වන වේලාවන් සියල්ක ඩිජිටල් තිර මත භාෂා ත්‍රිත්වයෙන්ම සදහන් වේ. එමෙන්නම් මගීන් බැස්සවීමේ පර්‍යන්තය භූමියේ අනිත් පස පිහිටා ඇති අතර ප්‍රධාන බස් පර්‍යන්තය හා සම්බන්ධ වීමට භූගත උමං මාර්ගයක් නිර්මාණය තිබේ. බස් ගමන් කෙරෙන හා බස් නවතා ඇති පර්‍යන්ත දෙක අතර කලාපය තුල මගීන්ට ඇවිද යාම සම්පූර්ණයෙන් තහනම් වන අතර ඒ සදහා උමංමග භාවිතා කල යුතු වේ. එහි කඩකාමර 18ක් සදහා ඉඩ පහසුකම් වෙන්කර ඇත. එමෙන්ම මගීන් වෙනුවෙන්ම 1990 සුවසැරිය ගිලන් රථ සේවවක්ද ප්‍රථමාධාර මධ්‍යස්ථානයක්ද මෙහෙ පිහිටුවා ඇත.

එමෙන්ම මෙහි තමන්ගේ වාහනය ගාල්කර යෑමේ සේවාව හෙවත් Park & Driver සේවාවද ක්‍රියාත්මක වන අතර ඔබගේ පුද්ගලික රථ ආරක්ශා ඇතුව මෙහි නවතා තැබිය හැක

B01 – මොරටුව

B02 – කඩුවෙල

B03 – මීගමුව

B04 – හොරණ

B05 – නාවින්න

B06 – පානදුර

B07 – කළුතර

B08 – අළුත්ගම

B09 – මතුගම

B10 – නෙළුව / හෝමාගම

B11 – ගාල්ල

B12 – මාතර

B13 – හම්බන්තොට / කතරගම / ඇඹිලිපිටිය /

අම්බලන්ගොඩ

  • • තංගල්ල බස්රථය B13 පර්‍යන්තයට පසෙකින්

පිටත්වනු ලබන අතර, බොරැල්ල බස්රථය

B01 පර්‍යන්තය අසලින් පිටත්වේ

.May be an image of temple and text

May be an image of 3 people and text

May be an image of 8 people and text

May be an image of 5 people and text

May be an image of 2 people and text

May be an image of text

 

 

ඡායාරූප අයිතිය Highway Bus Srilanka

 

Previous articleඅනුර ජනාධිපති වුනාට රට පාලනය කරන්නේ අපි කණ්ඩායමක් – තනි කෙනෙකුට ප‍්‍රාතිහාර්යය පාන්න බෑ – ටිල්වින්
Next articleජනතාව ජීවත් කරවන එක මුලික අයිතිවාසිකම් උල්ලංගනය කිරීමක් නෙවෙයි – ජනපති

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here