Home අද වැරදිලාවත් වැද්දට කඩුව දෙන්න එපා – එහෙම උනොත් ඔබතුමාලා සියලු දෙනාම කපෝතියි...

වැරදිලාවත් වැද්දට කඩුව දෙන්න එපා – එහෙම උනොත් ඔබතුමාලා සියලු දෙනාම කපෝතියි – හරීන්

949
0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත්මා සිය මැතිවරණ ව්‍යාපාරය ආරම්භකර මේවනවිට ජනහමු පහක් පමණක් පවත්වා ඇති අතර මේවනවිට සියලු සමීක්ෂණවලින් ජනාධිපතිවරයා අංක එකට පැමිණ ඇති බව හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේය.

අද(24දා) දඹුල්ලේදී පැවති පුළුවන් ශ්‍රී ලංකා ජනහමුවට එක්වෙමින් හරීන් ප්‍රනාන්දු මහතා මේබව කීවේය.

“ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා දැනට රැස්වීම් කරලා තියෙන්නේ 05 යි.  දැන් තියෙන රැස්වීම් වලින් පස්සේ කරපු සමීක්ෂණ වලින් උඩින්ම ඉන්නේ රනිල් වික්‍රමසිංහ මහත්තයා. අපිට තව රැස්වීම් 90 ක් කරන්න තියෙනවා. ඒ අනුව මේ අනුව යද්දි ලක්ෂ 70 ක ඡන්ද ලැබිලා නිසැකයෙන්ම ජනාධිපතිතුමා වැඩි ඡන්දයෙන් ජනාධිපති වෙනවා කියලා අපිට විශ්වාසයි.

ජනාධිපතිතුමා අද කියන දෙන දේ පුතානෝ හෙට කියනවා.  සජිත් තවමත් හිතාගෙන ඉන්නේ එයාගෙ නායකයා රනිල් කියලා. අභියෝග හමුවේ හැංගි හැංගි ඉන්න කොන්දක් නැති නායකයින්ට රට භාරදෙන්න එපා. මම හොදින් මතක් කරන්නේ මනමේ නාට්‍යයේ වැද්දට කඩුව දීලා කරගත්තු දේ මේසැරේ කරගන්න එපා. කුමාරිකාව බේරාගෙන ආරක්ෂා සහිතව ගෙනාපු කුමාරට කඩුව නොදී වැද්දට කඩුව දෙන්න ගිහින් කරගත්තු දේ මතකයි නේද. වැරදිලාවත් වැද්දට කඩුව දෙන්න එපා. එහෙම උනොත් ඔබතුමාලා සියලුදෙනාම කපෝතියි. මේක අත්හදා බලන කාලයක් නෙවෙයි.

රනිල් වික්‍රමසිංහ මහත්තයා කරගෙන ආපු උරුමය, අස්වැසුම වැඩසටහන් කරගෙන යනවද කියලා මම අද අහනවා අනුර‌‌ගෙන් සජිත්ගෙන් අහනවා. දැන් පුළුවන් ඒ අයට උත්තර දෙන්න යනුවෙන් වැඩිදුරටත් පැවසීය.

 

Previous articleබදු අඩු කළොත් වෙන දේ ජනපති හෙළිකරයි
Next articleපුළුවන් කියන ආත්ම විශ්වාසය අපිට දුන්නෙත් ජනපතිතුමනි ඔබතුමා – ප්‍රමිත

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here