Home අද  ආපහු ගඟට පනිනවාද? ගොඩ යනවාද කියා තීරණය කරන්නේ ඔබ- ජනපති

 ආපහු ගඟට පනිනවාද? ගොඩ යනවාද කියා තීරණය කරන්නේ ඔබ- ජනපති

950
0

“ගඟේ ගිහින් මැරෙන්න ගියා කෙනා බේරාගෙන ගොඩ ගෙනාවම ආයෙත් අපි ගඟට පනිනවද? . මේ අය දැන් කියන්නේ එහෙමනේ. ඔබ ඔබේ අනාගතය ගැන හිතන්න. ඒක ආරක්ෂා කරන්න හොද තීරණයක් ගන්න.” යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද(23දා) මඩකලපුව එරාවුර් හිදී පැවති ජන හමුවට එක්වෙමින් සඳහන් කළේය.

අතිවිශාල ජනතාවක් ජනාධිපතිවරයා සහභාගීවු එරාවුර් රැළියට එක්ව සිටියහ. මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපතිවරයා මෙසේද පැවසීය,

“මම ආණ්ඩුව භාරගනිද්දි පොහොර තිබ්බේ නැහැ.  මම මුලින්ම කළේ . පොහොර දීලා වී වගාකරන්න අවස්ථාව ලබාදෙන්න. කන්න පහක් ගොවිතැන් කලා මේ වෙද්දි. එක කන්නයක්වත් පුරන් උනේ නැහැ. දැන් මට පෙනෙනවා මේ සැරේ යළ කන්නයත් සාර්ථක වෙලා තියෙනවා කියලා. ගොවිතැන සාර්ථක වුණා. ආර්ථිකය දැන් ක්‍රමයෙන් දියුණුවෙනවා. සංචාරකයෝ එනවා. බඩු මිල තවත් අඩු කරන්න ඔනේ කියලා මේ අය කියනවා. මම ඒක පිළිගන්නවා. බඩු මිල අඩුකරන්න පුළුවන් රුපියල ශක්තිමත් කරලා . මම භාරගනිද්දි ඩොලරය රුපියල් 370 යි අද එය රුපියල් 300 දක්වා පහළට ගෙනත් තිබෙනවා.

අපේ දළ දේශීය නිෂ්පාදනය වැඩිකරන්න පුළුවන්ම් රුපියල තවත් ශක්තිමත් කරලා බඩු මිල අඩුකරන්න පුළුවන්. මම අහන්න කාටද පුළුවන් ඒ විදිහට රුපියල ශක්තිමත් කරන්න . අනුරට පුළුවන්ද? සජිත්ට පුළුවන්ද ? බැහැ . එහෙමනම් කාලේ නාස්ති කරන්නේ නැතිව ගෙදරට වෙලා ඉන්න ඔනේ. මට තිබුනේ එක ආසනයයි. මම ගිහින් කිව්වා මට මේක විසඳන්න පුළුවන් කියලා.  අනිත් අය ආණ්ඩුව ගන්න කිව්වාම පැනලා දිව්වා. මට බණිනවා මම ද්‍රෝහියාලු. මම හොරු ආරක්ෂා කරනවා කියලා. එයාලා හිතන්නේ එච්චරයි. ඔබතුමාලගේ ගෙදර කුස්සිය ගැන වගාව ගැන වාහනය ගැන එයාලා හිතුවේ නැහැ. සමෘද්ධිය දෙන්න සල්ලි නැහැ කිව්වා. මම සමෘද්ධියට අමතරව අස්වැසුමත් දාලා ඒ වගේ තුන් ගුණයක් ගෙව්වා. අඩු ආදායම්ලාභීන්ට අපි සහල් කිලෝ 10 ගානේ මාස තුනක් දුන්නා. පාසල් සිසුන්ට දිවා ආහාරය දුන්නා. මේ කියන නායකයෝ මගෙත් එක්ක නොවුනේ ඇයි. එයාලා ජනතාව එක්ක තරහ ඇයි?. අනුර සජිත් දෙදෙනාම ඔබේ ප්‍රශ්නය ගැන හිතුවේ නැහැ. එයාලා හිතුවේ තමන් ගැන විතරයි. දැන් වෙලා තියෙන්නේ රට හරි ගියා ඔවුන්ගේ නම නැතිවුණා. එහෙම අයටද මේ ඡන්දෙ දෙන්න කියන්නේ.

මුස්ලිම් ජනතාවට ලොකු හානියක් වුනා කොඩිඩ් සමයේ භුමිදානය නොකර ආදාහනය කළ නිසා. ඒක නොකරන්න මම අලුත් නීතියක් ගේනවා. කැමති අය ආදාමනය කරන්න කැමති අය භුමිදානය කරන්න කැමති අය තමන්ගේ ශරීරය වෛද්‍ය පීඨයට දෙන්න පුළුවන්. මේවගේ නීති ඔනැම මන්ත්‍රීවරයෙක්ට ගේන්න පුළුවන්. ඇයි අනිත් අය මේක නොකළේ. ඒවගේම හානි සුදුවුන අයට මුස්ලිම් ජනතාවගෙන් සමාව ඉල්ලුවා. සහ වන්දිගෙවන්න මම කොමිටුවක් පත් කරනවා. සජිත් මේවා කරනවද අනුර මේවා කරනවද ඒ දෙන්නම මේවා කරන්නේ නැහැ.

මේ වැඩ කරන්න අපිට තව කාලයක් අවශ්‍යයි. අපි මුල්‍ය අරමුදල සමග ඉදිරියට යන්න තියෙනවා.  නමුත් අනුර සජිත් දෙදෙනාම කියනවා ඔවුන් මේ වගන්ති වෙනස් කරනවා කියලා. ගගේ ගිහින් මැරෙන්න ගියාම බේරාගෙන ගොඩ ගෙනාවම ආයෙත් අපි ගඟට පනිනවද? . මේ අය කියන්නේ එහෙමනේ. ඔබ ඔබේ අනාගතය ගැන හිතන්න. ඒක ආරක්ෂා කරන්න හොද තීරණයක් ගන්න. එහෙම නැතිවුණොත් ගෑස් සිලින්ඩර් නැතිව ජීවන් වෙන්න වෙයි . යනුවෙන් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.

අධිකරණ අමාත්‍ය අලිසබ්‍රි මහතා ඇතුළු මුස්ලිම් ජනතාව නියෝජනය කරන මැති ඇමතිවරු රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Previous articleපිට පිට දෙවන වතාවටත් සජිත්ට සෙනඟ නැති වෙයි
Next articleපොතුවිල් ජනතාවගෙන් ජනපති රනිල්ට උණුසුම් පිළිගැනීමක්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here