Home අද රට අනුරටවත් වෙන කාටවත් දෙන්න එපා! රට ඔයාලා තියාගෙන ඡන්දේ රනිල්ට දෙන්න...

රට අනුරටවත් වෙන කාටවත් දෙන්න එපා! රට ඔයාලා තියාගෙන ඡන්දේ රනිල්ට දෙන්න – දුමින්ද

941
0

ජාතික ජන බලවේගය රට අනුරට දෙන ලෙසට ඉල්ලමින් ඡන්ද ව්‍යාපාරය රැගෙන ගියත් රට අනුරටවත් වෙන කිසිවකුටත් නොදී රට ජනතාව සතුව තබාගෙන ඡන්දය රනිල් වික්‍රමසිංහ මහතාට ලබාදීමට කටයුතුකරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා පවසනවා.

අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියා.

රටක් වැටුන විට එක් එක් පක්ෂයකට පමණක් නොව සමස්ත රටම එකට එකතු වී ඒ රට ගොඩ නැගිය යුතු බවත් කියා සිටි මන්ත්‍රීවරයා මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතා “පුළුවන් ශ්‍රී ලංකා” තේමාව ඔස්සේ ජනාධිපතිවරණයට මුහුණ දෙන්නේ ඔහුගේ පමණක් හැකියාව මත නොව සමස්ථ රටේම හැකියාව මත ශ්‍රී ලංකාවට ඉදිරි ගමනක් යාමට හැකියාව ඇති බව ඔහු විසින් විශ්වාස කරන නිසා බව කියා සිටියා.ගෙනැවිත් ඇති රනිල් වික්‍රමසිංහ මහතාගේ ක්‍රියා කලාපය

බංකොලොත් වී සිටි රට ආර්ථිකමය ලෙස ස්ථාවරත්වයකට ගෙනැවිත් ඇති රනිල් වික්‍රමසිංහ මහතා සම්බන්ධයෙන් සෑම රටකම විශ්වසනීයත්වයක් ගොඩනැගී ඇති බවත් එය තව දුරටත් මේ රට ඉදිරියට ගෙනයාම සඳහා ඉවහල් වනු ඇති බවටත් ඒ මහතා වැඩි දුරටත් අදහස් දක්වමින් කියා සිටියා.

Previous articleමහ බැංකු අධිපතිට ගෝලීය පිළිගැනීමක්
Next articleජනතාවගේ ජීවත්වීමේ අයිතිය තහවුරු කරන්න ඡන්දේ කල්දැමීමට සිදුවීම ගැන කිසිඳු කණගාටුවක් නැහැ – ජනපති

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here