Home අද බාර් බලපත්‍ර ගැන දයාසිරිගේ බොරුව අතේ පත්තු වෙයි

බාර් බලපත්‍ර ගැන දයාසිරිගේ බොරුව අතේ පත්තු වෙයි

496
0

දේශපාලඥයින්ට බාර් බලපත්‍ර නිකුත් කර නොමැති බව සුරාබදු දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල්වරයා තහවුරු කර ඇති බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග මහතා (21දා) අද පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය.

ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ට බාර් බලපත්‍ර ලබාදී ඇති බවට දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා පසුගිය සතියේදී ප්‍රකාශ කර තිබු අතර එයට පිළිතුරු දෙමින් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා මේබව පැවසීය.

සුරා බදු දෙපාර්තමේන්තුව රජයට ලැබෙන ප්‍රධාන ආදායමක් වන අතර  සුරාබදු දෙපාර්තමේන්තුවේ මේ වසරේ  ආදායම් ඉලක්කය බිලිය 232 කි.  එය ගිය වසරට වඩා රුපියල් බිලියන 53 ක ට වඩා වැඩි අගයකි. මේ පිළිබඳ අදහස් දක්වමින් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා සඳහන් කළේ, මේ ආකාරයට මිනිසුන්ට වැරදි තොරතුරු ලබා දී රටේ බදු අදායම අඩු කර රටේ දියුණුව නැති කරන්න. එබැවින් ප්‍රධාන බදු අදායමක් රටට අහිමි කිරීමට විපක්ෂය කටයුතු කරීමේ ප්‍රතිඵලයක් ලෙස ජනතාව මත  වක්‍ර බදු පැටවීම සිදුවේ.

මම කිසිම පුද්ගලයෙකුට සුරාබදු බලපත්‍ර ලබාදීලා නැහැ. දේශපාලන වාසි ගන්න විපක්ෂය වැරදි මතයක් ජනගත කරමින් යනවා. බාල දේශපාන වාසි තකා වීදුරුගෙවල් වල ඉදගෙන මඩගහන්න එපා කියලා මම ඒ අයට කියන්න කැමතියි.

මේවනවිට නිවැරදි බදු ප්‍රතිපත්තියක් අනුව රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා රට පාලනය කරමින් සිටින අතර මේ ආකාරයෙන් බොරු චෝදනා මත රජයට ලැබෙන බදු මුදල් අඩුකිරීමට කටයුතු කළ හොත් 2019 දී සිදු වූවා සේ යළිත් රය කඩා වැටීමට සිදුවිය හැකිය.

 

Previous articleඇවිත් කරන්නම් කියන නායකයන්ට වඩා කරලා පෙන්නපු නායකයා හොඳයි – කංචනගෙන් මාලිමාවට අභියෝගයක්
Next articleගෑස් ටැංකිය කියන්නේ දෙවියන්ගේ ආශීර්වාදයත් එක්ක ලැබුන ලකුණක් – ඉෂාක් රහුමාන්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here