Home අද අත්හදා බැලීම් කරන කාලෙක නෙවෙයි අපි ඉන්නේ – සජිත් මීට කලින්...

අත්හදා බැලීම් කරන කාලෙක නෙවෙයි අපි ඉන්නේ – සජිත් මීට කලින් ජනාධිපතිකම් කරලා නැහැ – දයාසිරි

748
0

මේවනවිට රට පවතින්නේ අත්හදා බැලීම් කරමින් සිටින කාලයක නොවන බවත් මෙවර මැතිවරණයේදී ඒ පිළිබඳව විශේෂයෙන් සැලකිල්ලට ගතයුතු බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පැවසීය.

සජිත් ප්‍රේමදාස මහතා ද මේවනතුරු ජනාධිපති හෝ අගමැති තනතුරු හොබවා නොමැති බවත් ඔහු කැබිනට් ඇමති ධූරයක පමණක් කටයුතු කර ඇති බවද මන්ත්‍රීවරයා කීවේය

2024 ජනාධිපතිවරණය සදහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහය පළ කිරීම සදහා දේශපාලන පක්ෂ, කලාකරුවන්, සිවිල් සංවිධාන, විශ්‍රාමික රණවිරුවන්, සමාජ ක්‍රියාකාරීන් සහ වෘත්තීය සමිති එකට එක්වන හමුවක් අද 20 දා වෝටර්ඒජ් හෝටලයේ දී සිදුවුණ අතර එහිදී අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේබව කීවේය.

“අපි අමාරු තැනක ඉන්නේ.  ඒවගේම අත්හදාබැලීම් කරන කාලයක නෙවෙයි අපි ඉන්නේ. මිනිස්සු විශාල අර්බුධ රැසක ඉන්නේ. මෙවැනි තත්වයක් තුළ නැවත ටෙස්ට් කරන්න හැකියාවක් නැහැ. බලය දෙනවනම් බලය දිය යුත්තේ වැඩ කරන්න දන්න පිරිසකට . වැඩ කරන්නේ දන්නේ නැති පිරිසකට නෙවෙයි.

සජිත් ප්‍රේමදාස මහත්තයාත් මේවනතුරු ජනාධිපති හෝ අගමැති තනතුරු දරලා නැහැ. එතුමත් කැබිනට් ඇමති ධුර පමණයි හොබවලා තියෙන්නේ.

ඒවගේම මේවා දන්නේ නැති , ඉන්න ගේදොර කොහෙද කියලා හොයාගන්න බැරි කෙනෙක් අතට පාලනය ගියොත් මොකද වෙන්නේ කියලා හිතාගන්න බැහැ. ඒ නිසා ටෙස්ට් කරන්න නායකයෝ ගේන්න එපා. මේ පණිවිඩ ගමට අරගෙන ගියෙ නැත්නම් වැඩක් නැහැ. සිවිල් සමාජයට තමා මේ පණිවිඩය ගමට අරගෙන යන්න පුළුවන්. අපි එකට එකතුවෙලා වැඩකරමු” යනුවෙන් දයාසිරි ජයසේකර මහතා පැවසීය.

 

 

Previous articleඅප්‍රිකානු-ආසියාතික රටවල් එකතුවීමේ වැදගත්කම ගැන ජනපති කලාපීය නායකයින්ට පැවසු දේ
Next articleදළඳා පෙරහරට තර්ජන කළ 89 ඉතිහාසය ගැන හිටපු දියවඩන නිලමේ කළ අනාවරණය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here