Home අද අනුර ආවා විතරයි වැස්ස පෑයුවා. තංගල්ලේ වහිනවා. ඉක්මනට යවමු එතකොට පායනවා –...

අනුර ආවා විතරයි වැස්ස පෑයුවා. තංගල්ලේ වහිනවා. ඉක්මනට යවමු එතකොට පායනවා – හරිනි අමරසූරිය

986
0

ජාතික ජන බලවේගයේ නායක මෙන්ම ජනාධිපතිධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා තංගල්ල මහජන රැලියට සහභාගී වී කතා කිරීමට පටන් ගත විගස පැවති වැසි සහිත තත්වය පහව ගිය බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පවසනවා.

@mp.lanka

‘මහ වැස්සක් ආවා ඒ වගේම ඒක පෑව්වා අපි මේ වගේ දේවල් පිළිනොගත්තට මේවා සුබ ලකුණු වගේ තමයි’ – ආචාර්ය හරිනි අමරසූරිය

♬ original sound – M🤷P lanka – M🤷P lanka

ඒ මහත්මිය මේ බව කියා සිටියේ ඊයේ (17) තංගල්ලේ පැවති ජාතික ජන බලවේගයේ ජන රැලිය අමතමින්

ජනතාව මෙවන් දෑ විශ්වාස නොකලද ඒවා සුබ ලකුණු බවත් එම ස්ථානයේ රැස්ව සිටි පිරිස තුල ඇති බලය හේතුවෙන් සොබාදහම පවා පාලනය වන බවද ඒ මහත්මිය කියා සිටියා.

එමෙන්ම තංගල්ල රැස්වීම ඇමතීමෙන් අනතුරුව අනුර කුමාර දිසානායක මහතාව මාතර රැලියට ද එහි පවතින වැසි තත්වය නැවත්වීම සඳහා පිටත් කර හැරිය යුතු බවට ඒ මහත්මිය අදහස් දක්වමින් මෙහිදී කියා සිටියා.

Previous articleසජිත් ළඟ නාලක ගොඩහේවා වගේ දක්ෂ ආර්ථික විශේෂඥයෙක් ඉන්න නිසා ආර්ථිකය ගොඩදාන්න පුළුවන් – උදයංග වීරතුංග
Next articleසජිත්ට රට භාරගන්න එපා කිව්වේ හර්ෂ ද සිල්වා

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here