Home අද බුදුන්ගේ නෑ වූ රාජපක්ෂ අතහැර ජැක්සන්ගේ පවුල සජිත් ළඟට

බුදුන්ගේ නෑ වූ රාජපක්ෂ අතහැර ජැක්සන්ගේ පවුල සජිත් ළඟට

1095
0

ප්‍රවීණ නළු, අභාවප්‍රාප්ත ජැක්සන් ඇන්තනී මහතාගේ බිරිඳ වන කුමාරි මුණසිංහ මහත්මිය, ජනාධිපතිවරණයේ දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කිරීමේ අරමුණින් සමගි ජන බලවේගය හා එක්වී තිබෙනවා.

ඇය ගම්පහ දිස්ත්‍රික් සංවිධායක ධුරයට පත් කිරීමට විපක්ෂ නායකවරයා කටයුතු කර තිබෙන බවයි වාර්තා වන්නේ.

මෙම පත්වීමත් සමඟ සමගි ජනබලවේගය පක්ෂය තුළ දැඩි අභ්‍යන්තර අර්බුද ගණනාවක් පැන නැගී ඇති බවට තොරතුරු වාර්තා වනවා.

එම දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අජිත් මාන්නප්පෙරුම, හර්ෂණ රාජකරුණා, කාවින්ද ජයවර්ධන හා මේ වන විට සමගි ජනබලවේගයට සහය දක්වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක ගොඩහේවා වැනි මන්ත්‍රීවරුන් පසෙකලා සජිත් ප්‍රේමදාස මහතා මෙම තීරණය ගැනීම හේතුවෙන් ඔවුන්ගේ දැඩි විරෝධයක් එල්ලවී ඇති බවයි වාර්තා වන්නේ.

කිසිදු ඡන්ද පදනමක් නොමැති, දේශපාලන පසුබිමක් නොමැති රංගන ශිල්පිනියක් පමණක් වන කුමාරි මුණසිංහ වැනි අයෙක්ට ගම්පහ වැනි තීරණාත්මක මැතිවරණ දිස්ත්‍රික්කයක නායකත්වය ලබාදීම පුදුම සහගත බවට ඔවුන් පවසා තිබෙනවා.

කුමාරි මුණසිංහ මහත්මියගේ සැමියා වන ප්‍රවීන රංගන ශිල්පි ජැක්සන් ඇන්තනී මහතා පසුගිය මහින්ද රාජපක්ෂ පාලනයට දැඩිව සහය දක්වමින් කටයුතු කළා.

මහින්ද රාජපක්ෂ මහතාද නැරඹීමට පැමිණ සිටි එක්තරා රියැලටි තරඟයක් අතරතුර ජැක්සන් ඇන්තනී මහතා සඳහන් කළේ රාජපක්ෂවරුන් බුදුන්ගේ නෑයන් වන බවත්, ඒ සඳහා ඓතිහාසික සාක්ෂිද පවතින බවත්ය.

Previous articleඅනුරව දිනවන්න එංගලන්තයෙන් තවත් ශ්‍රමිකයින් දෙදෙනෙක් ලංකාවට
Next articleසජිත් ළඟ නාලක ගොඩහේවා වගේ දක්ෂ ආර්ථික විශේෂඥයෙක් ඉන්න නිසා ආර්ථිකය ගොඩදාන්න පුළුවන් – උදයංග වීරතුංග

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here