Home අද සජිත් ළඟ නාලක ගොඩහේවා වගේ දක්ෂ ආර්ථික විශේෂඥයෙක් ඉන්න නිසා ආර්ථිකය ගොඩදාන්න...

සජිත් ළඟ නාලක ගොඩහේවා වගේ දක්ෂ ආර්ථික විශේෂඥයෙක් ඉන්න නිසා ආර්ථිකය ගොඩදාන්න පුළුවන් – උදයංග වීරතුංග

1139
0

ඉදිරි ජනාධිපතිවරණයේදී නාමල් රාජපක්ෂ මහතාට තරඟයක් ඇත්තේ සජිත් ප්‍රේමදාස මහතා සමඟ පමණක් බව හිටපු රුසියානු තානාපති රාජපක්ෂ පවුලේ සමීපතමයෙක් වන උදයංග වීරතුංග පවසනවා.

පෞද්ගලික නාලිකාවක සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළා.

අනුර දිසානායක මහතා ඉදිරිපත්වන ජාතික ජන බලවේගයේ පිරිස් උත්සහ ගනිමින් සිටින්නේ 88 / 89 කාලයට නැවත රට රැගෙන යාමට බවත් සජිත් ප්‍රේමදාස සමඟ සිටින නාලක ගොඩහේවා වැනි නවක පිරිස් ආර්ථික විශේෂඥයන් බව තමන් පිළිගන්නා බවත් එමනිසා ඔවුන්ට යමක් කළහැකි බවත් ඒ මහතා කියා සිටියා.

නාලක ගොඩහේවා යනු වියත් මග සංවිධානය හරහා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා කරවීමටත් ඉන් අනතුරුව එම රජයේ රාජ්‍ය අමාත්‍යධුරයක් දරමින් ශ්‍රීලංකාව ආර්ථිකමය වශයෙන් බංකොලොත් බව ප්‍රකාශ කරන තුරුම ක්‍රියා කළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකි.

සජිත් ප්‍රේමදාස මහතා සමඟ නාලක ගොඩහේවා වැනි පිරිස් සිටියද අනුර කුමාර දිසානායක සමඟ එවැනි කිසිවකු නොමැති බවත් ඔවුන් සතුව කිසිඳු වැඩපිළිවෙලක් නොමැති අතර ඔවුන් ජනතාවට සහන ලබාදීමට උත්සහ කරන්නේ දුක්මහන්සියෙන් ජනතාව උපයාගෙන ස්ථිර තැන්පතු ලෙස තම දරු මුණුපුරන් වෙනුවෙන් බැංකුවේ තැන්පත් කර ඇති මුදල් වලින් බවද වැඩි දුරටත් අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියා.

Previous articleබුදුන්ගේ නෑ වූ රාජපක්ෂ අතහැර ජැක්සන්ගේ පවුල සජිත් ළඟට
Next articleඅනුර ආවා විතරයි වැස්ස පෑයුවා. තංගල්ලේ වහිනවා. ඉක්මනට යවමු එතකොට පායනවා – හරිනි අමරසූරිය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here