Home අද රනිල් ජනපති කරන්න පක්ෂ හා සන්ධාන 34ක සහාය

රනිල් ජනපති කරන්න පක්ෂ හා සන්ධාන 34ක සහාය

1268
0

‍ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කරමින් “පුළුවන් ශ්‍රී ලංකා” සම්මුතියට පක්ෂ හා සන්ධාන 34ක් අත්සන් කරන ලදී.
අද (16) පෙරවරුවේ බත්තරමුල්ල වෝටස් එජ් හෝටලයේ දී ඊට අත්සන් තැබීම සිදුකළේය.

සමගි ජනබලවේගය නියෝජනය කරමින් පාර්ලිමේන්තු පැමිණි නව ලංකා පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා සහ සමගි ජනබලවේගයේ ඒ.එච්.එම් ෆවුසි මහතා ද ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කිරීමට මෙහිදී එක්විය.

අදාළ පක්ෂ ලයිස්තුව පහළින් දැක්වේ

මහජන එක්සත් පෙරමුණ
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ
නව සන්ධානය
ඊලාම් ජනතා ප්‍රජාත්‍රන්ත්‍රවාදී පක්ෂය
එක්සත් මහජන පක්ෂය
පොදුජන එක්සත් පෙරමුණ
එක්සත් ජාතික පක්ෂය
තමිල් මක්කල් විදුදලෙයි පුලිකල් පක්ෂය
ජාතික කොංග්‍රසය
සමගි ජන බලවේගය
ශ්‍රී ලංකා මහජන පක්ෂය
නව ලංකා නිදහස් පක්ෂය
එක්සත් ජනතා පක්ෂය
එක්සත් ප්‍රජාත්‍රන්ත්‍රවාදී සන්ධානය
මුට්පෝක්කු තමිලර් කලහම්
නිදහස් ජනතා සභාව
ජාතික නිදහස් පෙරමුණ
ලංකා ජාතික වතු කම්කරුවන්ගේ සංගමය
සමස්ත ලංකා මක්කල් කොංග්‍රසය
ප්‍රජාත්‍රන්ත්‍රවාදී ජාතික ව්‍යාපාරය
ජාතික සමඟි පෙරමුණ
ශ්‍රී ලංකා ප්‍රගතිශීලී පෙරමුණ
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ
දේශප්‍රේමී ජන බලවේගය

Previous articleඔලිම්පික් සත්කාරකත්වය ඉන්දියාවට ගෙන ඒමට මෝදි සැරසෙයි
Next articleරනිල්ට පුළුවන් කියන පිරිස වැඩි වෙයි – අලුත්ම සමීක්ෂණය මෙන්න

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here