ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා මෙවර ජනාධිපතිවරණය සදහා නාමයෝජනා භාර දීම මීට සුලු මොහොතකට පෙර මැතිවරණ කොමිෂන් සභාවේදී සිදුවිය.
2024 ජනාධිපතිවරණය සදහා නාමයෝජනා භාර දීම අද(15දා) උදෑසන කාලයේදී සිදුකරන අතර ඇප මුදල් තැන්පත් කල අපේක්ෂයෝ 40 කු මෙවර නාමයෝජනා භාර දීමට නියමිතව ඇත.
රනිල් වික්රමසිංහ මහතා මෙවර ස්වාධීන අපේක්ෂයෙකු ලෙස මැතිවරණයට ඉදිරිපත් වන අතර මෙවර ජනාධිපතිවරණයේ පළමු වරට ඇප මුදල් තැන්පත් කළ අපේක්ෂායාද වේ.
නාමයෝජනා භාරදීම සදහා ජනාධිපති වික්රමසිංහ මහතා සමග අග්රාමාත්යවරයා ද සහභාගි විය.