Home අද චොකා මල්ලි නැවතත් පොහොට්ටුවට

චොකා මල්ලි නැවතත් පොහොට්ටුවට

759
0

රාජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර යළි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහය දැක්වීමට තීරණය කර ඇති බව නිල වශයෙන් ප්‍රකාශ කරනු ලැබුවා.

බත්තරමුල්ල, නෙලුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ කාර්යාලයට අද (13) පෙරවරුවේ පැමිණි අවස්ථාවේදී ඔහු කියා සිටියේ, ජනාධිපතිවරණයට පක්ෂයෙන් අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීම නිසා ඔහුට සහය දැක්වීමට තමන් තීරණය කළ බවයි.

රාජ්‍ය අමාත්‍ය ජයසේකර ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහයෝගය පළකරමින් පසුගියදා අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චිගේ ප්‍රධානත්ත්වයෙන් රත්නපුරයේ පැවති රැළියටද සහභාගි වුණා.

කෙසේ වෙතත්, රාජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකරට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රත්නපුර දිස්ත්‍රික් නායකත්වය ලබා දීමට එම පක්ෂය එකගතාවය පළ කර ඇති බවයි වාර්තා වන්නේ.

Previous article හරීන්ගේ මන්ත්‍රීකම හිරුණිකාට දෙන්න  – සමගි ජන සන්ධානය යෝජනා කරයි
Next articleසජිත්ට එළිපිටම සහය දෙනවා ­- වලවාහැංගුණ වැවේ හිමියෝ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here