Home අද අනුර සුබ මොහොතින් නාමයෝජනා අත්සන් කරයි

අනුර සුබ මොහොතින් නාමයෝජනා අත්සන් කරයි

565
0

ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා භාරදීමට ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා අද(12දා) නාමයෝජනා අත්සන් කර තිබේ. ජනතා විමුක්ති පෙරමුණේ  ප්‍රධාන කාර්යාලයේදී නාමයෝජනා අත්සන්කර ඇති අතර ජන බලවේගයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පිරිසක් එවෙනුවෙන් සහභාගී වීඇත.

අනුර කුමාර දිසානායක මහතාගේ නිල ෆේස්බුක් ගිණුමේ මේ පිළිබඳ මෙසේ සටහන් කර තිබුණි,

එළඹෙන සැප්තැම්බර් 21 දින පැවැත්වෙන ජනාධිපතිවරණය වෙනුවෙන් අද (12) පෙරවරුවේ ජ.වි.පෙ. ප්‍රධාන කාර්යාලයේදී අපේක්ෂක නාමයෝජනා පත්‍රයට අත්සන් තැබීමි.

මෙම අවස්ථාවට ජාතික ජන බලවේගයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ, ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා යන සහෝදරවරු ඇතුළුව ජාතික විධායක සභික සහෝදර සහෝදරවරු කිහිප දෙනෙකුද සහභාගි වූහ.

 

Previous articleවසර දෙකකින් වැටුණු ආර්ථිකයක් හරි ගැස්සුවේ ලංකාවේ පමණයි – ජනපති
Next articleනායකත්වය විශ්වාසයි – රට විරුවන්ගෙන් ඩොලර් බිලියන 3.71ක්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here