Home අද මාලිමාවේ ආණ්ඩුවක් ආවහම ගෙදර කුස්සියෙ බත් උයන්නේ නැහැ – ලාල් කාන්ත

මාලිමාවේ ආණ්ඩුවක් ආවහම ගෙදර කුස්සියෙ බත් උයන්නේ නැහැ – ලාල් කාන්ත

2284
0

මාලිමා ආණ්ඩුවක් යටතේ ගෙදර කුස්සියේ බත් පිසීමක් සිදු නොවන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලාල් කාන්තා මහතා පවසනවා.

ජන හමුවක් අමතමින් ඒ මහතා මේ බව කියා සිටියා.

කුස්සියේ බත් පිසීමෙන් ඉවත් වීමට මාලිමාවට ඡන්දය භාවිතා කරන ලෙසත් ඉන් අනතුරුව හදන නිවාස සැලසුම්වල මුළුතැන් ගෙය හෙවත් කුස්සිය නොමැති බවත් ඔහු සඳහන් කළා.

රාත්‍රී ඇඳුම් ඇඳ ගනිමින් එය සකසමින් අහාර පිසීම අනවශ්‍ය බවත් එය නිවසින් පිටතට ලබාදිය යුතු බවටත් ඒ මහතා මෙහිදී යෝජනා කරනු ලැබුවා.

ශ්‍රී ලාංකික සමාජය අතීතයේ පටන්ම සෞඛ්‍ය සම්පන්න අහාර රටාවකට හුරු වී සිටි අතර එය තමන්ගේ නිවසේම සකසා ගැනීමට ඔවුන් පුරුදු පුහුණු වී සිටියා. එමෙන්ම අහාර පිසින විට පවුලේ එකමුතුකම වර්ධනය කර ගැනීමටද මෙරට පවුල් සංස්ථාව සැකසී සිටියේ අහාර පිසින විට එකිනෙකාට උදව් කරගනිමින් තම තමන්ගේ අදහස් බෙදාගැනීමට එය අවස්ථාවක් කර ගනිමින්.

එපමණක් නොව සිංහල අලුත් අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර සිදුකිරීමේදී මෙරට ජනතාවට අනන්‍ය වූ අහාර සස්කෘතියක් ඇති අතර ලාල් කාන්තා මහතා පවසන පරිදි මාලිමා රජයක් යටතේ එයද වෙනස් වීමට නියමිතව තිබේ.

Previous articleවිජය කුමාරතුංගයන් බිහිකල ශ්‍රී ලංකා මහජන පක්ෂයේ සහයත් රනිල්ට
Next articleජනපතිට සහය දක්වන පොහොට්ටු මන්ත්‍රීවරුන්ගෙන් නව දේශපාලන පක්ෂයක් ලබන සතියේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here