Home අද අරගලයෙන් බංග්ලාදේශ ගාමන්ට් වැසෙයි – ආර්ථිකයත් අනතුරේ?

අරගලයෙන් බංග්ලාදේශ ගාමන්ට් වැසෙයි – ආර්ථිකයත් අනතුරේ?

9311
0

බංග්ලාදේශ විරෝධතා සහ ප්‍රචණ්ඩ ක්‍රියා හේතු වෙන් නිමි ඇඳුම් අපනයනයෙන් වාර්ෂිකව අමෙර්කානු ඩොලර් බිලියන 47ක වාර්ෂික ආදායමක් උපයන ලොව විශාලතම ඇඟලුම් නිෂ්පාදකයකු වන බංග්ලාදේශයේ සියලු අපනයන කටයුතු බිඳ වැටී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එමෙන්ම වාර්ෂිකට අමෙරිකානු ඩොලර් බිලියන 14ක වෙළෙඳ ගනුදෙනු සිදුවන ඉන්දියාව සහ බංග්ලාදේශය අතර දේශසීමාව අසල මේ වන විටත් භාණ්ඩ ප්‍රවාහනය කරන ට්‍රක් රථ අතිවිශාල ප්‍රමාණයක් සිර වී ඇතැයි ද, රටේ තත්ත්වය සාමාන්‍ය අතට පත්වන තුරු දෙරට අතර භාණ්ඩ ප්‍රවාහනය මුළුමනින්ම බිඳ වැටී ඇතැයි ද විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

මාසයකට ආසන්න කාලයක් පුරා බංග්ලාදේශයේ පැවැති සරසවි ශිෂ්‍ය අරගලය අගමැතිනිය ශෙයික් හසීනා සහ ඇගේ අවාමි ලීග් පක්ෂ රජය පෙරළා දැමීමත් සමඟ එරට ඇඟලුම් කර්මාන්තශාලා නැවත විවෘත කරන දිනයක පිළිබඳ ඇඟලුම් ක්ෂේත්‍රයේ ව්‍යාපාරිකයන් අවසන් තීරණයකට පැමිණ නැති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

Previous article දයාසිරි සජිත් ගාවට යයි
Next articleමිනිස්සු ඡන්දේ දෙන්නේ මට – මගේ වටේ ඉන්න අයට නෙමෙයි – ජනපති

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here