Home අද අපි ආපු ගමන් IMF ගිවිසුම වෙනස් කරනවා

අපි ආපු ගමන් IMF ගිවිසුම වෙනස් කරනවා

571
0

සජිත් ප්‍රේමදාස ජනාධිපති ලෙස පත්වීමෙන් පසුව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ ඇති ගිවිසුම අනිවාර්යෙන් වෙනස් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා පැවසීය.

අද(07දා) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේබව සඳහන් කළේය.

අපි IMF ගිවිසුම වෙනස් කරනවා. මොකද ණය ණයමයි වර්ධනය වර්ධනයනි කියන තැන අපි නැහැ. ඒ නිසා එය ව්‍යුහාත්මක වෙනසක් කරන්න සිදුවෙනවා. මේ ගැන අපේ නායකයා IMF ප්‍රධානියාටත් කිව්වා.  අපනයන අභිමුඛ ආර්ථිකයක් නිර්මාණය කරන්න බදු අපි වෙනස් කරනවා.  මේ නිසා අපි මුල්‍ය අරමුදලේ ගිවිසුම වෙනස් කරනවා. ඒවගේම අපි බදු වෙනස් කරනවා. 15.8% ක් බදු එකතු කරගන්න අවශ්‍යයි කියන ඒකඟතාවයට අපි එකඟ වෙනවා. නමුත් අපි ඒ තැනට එන්නේ බදු සාධාරණාත්වය ඇති කරලා. එහෙමකරලා මධ්‍යම පංතියට අපි සහන දෙනවා.යැයි ප්‍රකාශ කළේය.  

 

Previous articleමාලිමා රජයක් යටතේ ශ්‍රී ලංකාව පොදු රාජ්‍ය මණ්ඩලයෙන් ඉවත් වෙනවා – ලාල් කාන්ත
Next article දයාසිරි සජිත් ගාවට යයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here