Home අද ඔබට ඇහුම්කං දීලා, රටට ඇහුම්කං දීලා මම ඔබේ මතයට හිස නමමින් ජනපතිට...

ඔබට ඇහුම්කං දීලා, රටට ඇහුම්කං දීලා මම ඔබේ මතයට හිස නමමින් ජනපතිට සහාය දෙනවා – රෝහිත

1153
0

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික කැඳවුම්කරු පාර්ලිමේන්තු මන්ත්‍රි රෝහිත අබේගුණවර්ධන මහතා ඉදිරි ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කිරීමට තීරණය කර තිබේ.

අද (04) මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා ඒ බව සඳහන් කළේය.

“රට මේ ඉදිරියට යන ගමන ජනතා විමුක්ති පෙරමුණට මේ රට දෙනවද ? උදේ කියන එක හවස දන්නේ නැති වැඩිපුර කථා කරන සජිත්ට 22 වෙනිදාට මේ රට දෙනවද ? මේ කයිය නායකවරුන්ට රට දෙනවද ? රට වෙනුවෙන් තීන්දුවක් ගන්වද ? ඒ නිසා ඔබට ඇහුම්කං දීලා, රටට ඇහුම්කං දීලා මම ඔබේ මතයට හිස නමමින් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා මේ රටේ ජනාධිපති කරනවන වැඩපිළිවෙළට මම ලෑස්ති වෙනවා.”

මේ බව සඳහන් කරමින් මන්ත්‍රීවරයා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කළුතර දිස්ත්‍රික් නායකත්වයෙන් තමන් ඉවත්වෙන බවත් නැවත වතාවක් පක්ෂය සමඟ පක්ෂයේ තීරණය වෙනස් කරගෙන ජනාධිපතිවරයාට සහාය දැක්වීම සඳහා සාකච්ඡා කරන බවත් කියා සිටියා

Previous articleමාලිමාවට සහය දෙන්න කැනඩාවේ සිට එන පළමු කණ්ඩායමට ජනතාවගෙන් දැඩි විරෝධයක්
Next articleදිලිත් ජයවීර සර්වජන බලයේ’ ජනපති අපේක්‍ෂක ලෙස නම් කෙරේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here