Home අද “හොඳම ජාත්‍යන්තර සංචාරක මණ්ඩලය” සම්මානය ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයට

“හොඳම ජාත්‍යන්තර සංචාරක මණ්ඩලය” සම්මානය ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයට

10926
0

Global Tourism Awards 2024 සම්මාන උළෙලෙහි “ලොව හොඳම ජාත්‍යන්තර සංචාරක මණ්ඩලය” ලෙස ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය (SLTPB) ඊයේ(2) පිදුම් ලැබීය.

ට්‍රැවල් වර්ල්ඩ් ඔන්ලයින් මඟින් පවත්වන මෙම සම්මාන උළෙල ඉන්දියාවේ නවදිල්ලියේදී පැවැත්වුණු අතර ඒ සඳහා සංචාරක,ඉඩම්,ක්‍රීඩා සහ යෞවන කටයුතු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා සහභාගී විය. එහිදී අමාත්‍යවරයා වෙත සම්මානය ප්‍රදානය කිරීම සිදුවිය.

සංචාරක කර්මාන්තයට එහි භූ දර්ශනය හැඩගස්වා ධනාත්මක වෙනසක් ඇති කිරීමට කැපී පෙනෙන දායකත්වයක් ලබා දුන් ආයතනවලට ගෞරව කිරීමට සහ සැමරීමට වේදිකාවක් ලෙස මෙම ප්‍රමුඛතම සම්මාන උළෙල පැවැත්වෙන අතර ඒ අනුව එහි විශිෂ්ටතම සම්මානය ශ්‍රී ලංකාවට හිමිවිය.

මෑත වකවානුව තුළ වාර්තාගත සංචාරකයින් පිරිසක් මෙරටට පැමිණි අතර ලෝකයේ වේගයෙන්ම ඉදිරියට යන සංචාරක ගමනාන්තයක් බවට ද ශ්‍රී ලංකාව පත්විය.කාන්තාවන්ට සංචාරය කිරීමට සුදුසුම රටවල් අතර ප්‍රමුඛස්ථානයක් ශ්‍රී ලංකාවට හිමි වූ අතර 2024 සඳහා CEOWORLD සඟරාවේ කීර්තිමත් ශ්‍රේණිගත කිරීම්වලට අනුව,ජීවිත කාලය තුළ සංචාරය කිරීමට හොඳම 5 වැනි රට ලෙස ශ්‍රී ලංකාව හඳුනාගෙන ඇත.

ලෝක ප්‍රකට Forbes සඟරාව 2023 ලොව හොඳම සංචාරක ගමනාන්ත 23 අතරට ශ්‍රී ලංකාව නම් කරනු ලැබීය.

පසුගිය සමයේ ඇති වූ පාස්කු ප්‍රහාරය, කොවිඩ් 19 වසංගත තත්වය සහ ආර්ථික අර්බුදය හමුවේ මෙරට සංචාරක කර්මාන්තය යම් බිඳවැටීමකට ලක්වූ අතර ඒ සෑම අභියෝගයක්ම ජයගනිමින් අද වන විට මෙරට සංචාරක කර්මාන්තය සුවිශාල ප්‍රගතියක් ලබා තිබේ. එවන් තත්ත්වයක් තුළ ඉන්දියාවෙන් නව දිල්ලි නුවරදී ලැබුණු මේ සම්මානය ශ්‍රී ලංකාවට විශිෂ්ට ජයග්‍රහණයකි.

Previous articleඅත්හිටුවා තිබූ ව්‍යාපෘති 13ක් යළි ඇරඹීමට ජපානය සුදානම් – විදේශ අමාත්‍ය
Next articleමහනුවරින් රනිල්ව දිනවනවා – අපි නැතුව පොහොට්ටුව දේශපාලනය කරන හැටි බලමු

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here