Home අද සජිත් මහත්තයා වංචාවෙන් තොර රටක් හදනවා – ප්‍රවීණ රංගන ශිල්පී දමිතා අබේරත්න

සජිත් මහත්තයා වංචාවෙන් තොර රටක් හදනවා – ප්‍රවීණ රංගන ශිල්පී දමිතා අබේරත්න

927
0

ඉතාම පහළ රැකියාව කරන පුරවැසියාගේ සිට ඉහළ යැයි පිළිගන්නා රැකියාව කරන පුරවැසියා දක්වා නීතිය සමව ක්‍රියාත්මක වන රටක් කළාකරුවන් බලාපොරොත්තු වන බවත් කළා නිර්මාණයකට වටිනාමක් දෙන යුගයක් බිහිකිරීමේ හැකියාව සජිත් ප්‍රේමදාස මහතාට ඇති බවත් සමඟි ජන බලවේග කලා සංගමයේ සාමාජිකා රංගන ශිල්පිනී දමිතා අබේරත්න මහත්මිය පැවසුවාය.

සමඟි ජන බලවේග කලා සංගමය කොළඹදී අද පැවැත්වූ විශේෂ මාධ්‍ය හමුවේදී දමිතා අබේරත්න මහත්මිය එසේ පැවසුවාය.

රටේ පාලකයන් ඔවුන්ගේ හිතවතුන්ට වාසි ගෙන දෙන ආකාරයට බදු මුදල් අඩු කර අදූරදර්ශී පාලනයක් ගෙන ගොස් රටේ ආර්ථිකය විනාශ කළ බවත් ඉන්ධන, කිරිපිටි නොමැතිව පෝලිම් ඇතිව ආර්ථික බර කුස්සියේ ඉන්න මවට දරාගැනීමට නොහැකි වීම නිසා කළාකරුවන් ලෙස තමන් ඇතුළු පිරිසක් පාරට බැස්ස ජනතාව සමඟ අරගලයක් කළ බවත් ඇය පැවසුවාය.

මෙරට ආර්ථිකය ඝාතන කළ පුද්ගලයන් තව දුරටත් මෙරට පාලකයන් නොවිය යුතු බව කී අබේරත්න මහත්මිය වංචාවෙන් තොර රටක් සජිත් ප්‍රේමදාස මහතා විසින් ඇති කරනු ඇති බවට සඳහන් කළාය.

අවිනිශ්චිත තත්වයකට රට පත්ව ඇති අවස්ථාවක රටට ආදරය කරන සංවේදී නායකයෙක් පත්කරගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් ඇය කීවාය.

Previous articleකොන්ද පණ තියන කංචන සාගරගේ රෙදි ගලවයි
Next articleරාජයෝග තිබ්බට වැඩක් නෑ තිස්ස අත්තනායක ඉන්නවනේ – පී හැරිසන්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here