Home අද මට ආරාධනා කළා. මම ගියා – හෙද සමුළුවේ නීති විරෝධී වැඩක් වුණේ...

මට ආරාධනා කළා. මම ගියා – හෙද සමුළුවේ නීති විරෝධී වැඩක් වුණේ නෑ – අනුර

1018
0

හෙද හෙදියන්ගේ සමුළුවේ දී කිසිදු නීති විරෝධි වැඩක් සිදුව නොමැති බව ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

එය ජාතික ජනබලවේගයට අනුබද්ධ හෙද සංගමයේ වාර්ෂික සමුළුව බවත්, ඒ සඳහා තමන්ට කරන ලද ආරාධනය මත එහි ගිය බවත් දිසානායක මහතා ප්‍රකාශ කළේය.

ඔවුන්ට රාජකාරි නිවාඩු ලබා දීමට අදාළ ලිපි ලේඛන ද තමන් සතු බව ජාතික ජනබලවේගයේ නායකයා සඳහන් කළේය.

“පාසල් දරුවන් නිල ඇඳුමින් ඉන්නකොට පාසල් තුළට ගිහිල්ලා දේශපාලනය කතා කරනවා, ජනාධිපතිවරයාත් පාසල්වලට යනවා. මේ අපේ හෙද වෘත්තීය සංගම්වල වාර්ෂික හෙද සමුළුව. එය ජාතික ජනබලවේගයට අනුබද්ධ වෘත්තිය සමිති සමුළුවක් නිසා මට ආරාධනා කළා, ඊට සහභාගි වෙන්න. ඔවුන්ට එදාට රාජකාරි නිවාඩු ලබාදෙනවා. මෙහිදී කිසිදු නීති විරෝධි වැඩක් වෙලා නෑ.

Previous articleආණ්ඩුවේ මන්ත්‍රීවරු 92ක් ජනපති රනිල් සමග
Next articleසජිත් ඇප තියයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here