Home අද ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමේ විශේෂ සාකච්ඡාවක් කැඳවයි

ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමේ විශේෂ සාකච්ඡාවක් කැඳවයි

857
0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ හා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් සමග පවත්වනු ලබන විශේෂ සාකච්ඡාවක් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතව තිබේ.

ඒ සඳහා අද (30) දින ප.ව. 5.30 ට ජනාධිපති ලේකම් කාර්යාලයට ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමේ සියලුම මන්ත්‍රීවරුන්ට අනිවාර්යයෙන්ම පැමිණෙන ලෙස ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායකවරයා දැනුම් දී ඇතැයි වාර්තා වේ.

මෙහිදී ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිතය.

Previous articleකොළඹ වරායට පළමු කාර්තුවේ ඩොලර් මිලියන 50ක ආදායමක්
Next articleරනිල් අනුරාධපුර ජය තහවුරු කරයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here