Site icon Newshub

ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමේ විශේෂ සාකච්ඡාවක් කැඳවයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ හා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් සමග පවත්වනු ලබන විශේෂ සාකච්ඡාවක් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතව තිබේ.

ඒ සඳහා අද (30) දින ප.ව. 5.30 ට ජනාධිපති ලේකම් කාර්යාලයට ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමේ සියලුම මන්ත්‍රීවරුන්ට අනිවාර්යයෙන්ම පැමිණෙන ලෙස ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායකවරයා දැනුම් දී ඇතැයි වාර්තා වේ.

මෙහිදී ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිතය.

Exit mobile version